යම් ආයතනයක සේවය කරනු ලැබූ පුද්ගලයෙකුට සිය සේවා නියුක්තිය ස්ථිරවම අවසන් කර ඇති අවස්ථාවක ඔහුට/ඇයට හිමි සේ.නි.භා. අරමුදල් ප්‍රතිලාභ මුදල් ලබා ගැනීම සඳහා නීත්‍යානුකූල හිමිකාරිත්වයක් පවතී.
5 අවුරුදු නීතිය
එක් ආයතනයක සේවය අවසන් කර ප්‍රතිලාභ මුදල් ලබාගත් පසු නැවත ප්‍රතිලාභ මුදල් ලබාගත හැක්කේ ප්‍රතිලාභ මුදල් ලබාගත් ආයතනයෙන් සේවය අවසන් කළ දින සිට වසර පහක් ඉක්මවා ගිය පසුවය.
5 අවුරුදු රීතියට ව්‍යතිරේක අවස්ථාවන්
පහත සඳහන් තත්ත්වයන් 5 අවුරුදු රීතියට ව්‍යතිරේක අවස්ථාවන් ලෙස සලකා ප්‍රතිලාභ මුදල් ලබාගැනීමට ප්‍රතිපාදන සලස්වා ඇත.
මුදල් ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු:-
Ø විදේශගත වීම
(විදේශ ගමන් බලපත්‍රය, විසා පත්‍රය, ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය.)
Ø සෞඛ්‍ය හේතුන් මත
(අදාල වෛද්‍ය වාර්ථා ඉදිරිපත් කළ යුතුය)
Ø උකස් රන්බඩු බේරා ගැනීම
(උකස් භාණ්ඩ කුවිතාන්සි හා ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.)
Ø සාමාජිකයාගේ හෝ දරුවකුගේ විවාහ මංගල්‍ය යනාදිය
(ඉල්ලීම් ලිපිය හා විවාහ මංගල්‍ය ආරාධනා පත්‍රය ඉදිරිපත් කළ යුතුය)
Ø අධ්‍යාපනය සඳහා වන වියදම් පියවීම
(අදාල අධ්‍යාපන ආයතනයට ගෙවීම් කිරීමට නියමිත ලිපිය හා අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කළ යුතුය.)
මෙම හේතූන්මත තහවුරු කර ගැනීමට අදාල ලියකියවිලි සමඟ විශේෂ ක්‍රමය යටතේ ප්‍රතිලාභ ගෙවීමට අයදුම්පත භාරගනු ලබන අතර, එහිදී වැඩ කරන දින 4 ක් තුල ප්‍රතිලාභ ගෙවීම් සිදු කරනු ලබයි.
ප්‍රතිලාභ ගෙවීම් කටයුතු අපගේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ගම්පහ, මහනුවර, කුරුණෑගල, මාතර, රත්නපුර, බදුල්ල හා නුවරඑළිය ප්‍රාදේශිය කාර්යාලයන් විසින්ද සිදු කරනු ලබයි.
එසේම අපගේ සියළු ප්‍රාදේශිය කාර්යාලයන් වලින් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම සිදු කරනු ලබයි. ප්‍රතිලාභ අයදුම්පත් භාරදීම සදහා දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණීම මඟින් අයදුම්පත භාරදීමේදී සිදුවන ප්‍රමාදය වලක්වා ගත හැක. මේ සඳහා 0112103010 දරණ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම හෝ අපගේ www.etfb.lk වෙබ් අඩවිය භාවිතා කළ යුතුය.