ksmqK;d iúh" m%;s,dN fhdackd l%uh

සේ.නි.භා. අරමුදල් මණ්ඩලීය සාමාජීක සාමාජිකාවන්ගේ අ.පො.ස උසස් පෙළ සමත් දූ දරුවන් සඳහා ප්‍රදානය කරනු ලැබූ මූල්‍යාධාර වැඩපිළිවෙළ 2023 වසරේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක වන බව දන්වා සිටිමු. මේ අනුව 2022 වර්ෂයට අදාලව 2023 ජනවාරී මස පැවැත්වූ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි  දූ දරුවන් හට පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ) හැදෑරීම සඳහා රු.25,000.00 ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම මෙම නව ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සිදුවේ.

අයදුම්කරුවන් සදහා

u¾..; whÿïm;

u¾..; whÿïm;

fu;kska

,shlshú,s Wvq.; lrkak

,shlshú,s Wvq.; lrkak

fu;kska

fiajdfhdacl úiska iïmQ¾K l,hq;= whÿïm;

fiajdfhdacl úiska iïmQ¾K l,hq;= whÿïm;

nd.;lrkak

wkqu; mdGud,jka

wkqu; mdGud,jka

nd.;lrkak

Wmfoia

අධ්‍යාපන අයතන සදහා

අධ්‍යාපන ආයතන සදහා පිවිසුම

අධ්‍යාපන ආයතන සදහා පිවිසුම

මෙතනින්

⛛ මූලික සුදුසුකම්

⛺ 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය/ශිෂ්‍යයාවක් වීම. (සමත් වීම අත්‍යවශ්‍ය නොවේ)

⛺ පාසල් අයදුම්කරුවන් හට මෙන්ම බාහිර අයදුම්කරුවන් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටි වයස අවුරුදු 23 ට නොවැඩි දරුවන් හට ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකිය.

⛺ ශිෂ්‍ය/ශිෂ්‍යයාව උසස් පෙළ විභාගයට පෙනී සිටින අවස්ථාව වනවිට (2023 ජනවාරි) මව/පියා/භාරකරු මෙම අරමුදලේ සක්‍රීය සාමාජිකයකු විය යුතුය. ඒ අනුව 2022 වර්ෂයට අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා 2022 පෙබරවාරි මස සිට 2023 ජනවාරි මස දක්වා සාමාජිකයා වෙනුවෙන් අඛණ්ඩව දායක මුදල් ගෙවා තිබිය යුතුය.

⛺ ස්වයං රැකියා යටතේ ලියාපදිංචි වී ඇති සක්‍රීය සාමාජිකයන්ගේ දූ දරුවන් සඳහා මෙම ප්‍රතිලාභය ගෙවීමේ දී, විභාගයට පෙනී සිටින මාසයට පෙර, ආසන්න මාස 36 ක කාලයක් අඛණ්ඩව දායක මුදල් ගෙවා තිබිය යුතුය.

⛺ දෙමාපියන් දෙදෙනාම සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය දරන්නේ නම් එක් අයෙකු විසින් පමණක් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුතුය. එසේම මෙම මූල්‍යාධාර ප්‍රදානයට එක් ශිෂ්‍යයෙකු හිමිකම් ලබන්නේ එක් අවස්ථාවක් පමණි.

⛛ අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු අනෙකුත් ලියකියවිලි.

(පහත දක්වා ඇති ලියකියවිලි වර්තමාන සේවා යෝජකයා මගින්/ ග්‍රාම නිලධාරී / නීතිඥවරයෙකු මගින් හෝ සාමාදාන විනිශ්චයකාරවරයෙකු මගින් සහතික කර තිබිය යුතුය.)

⛺ ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිළි ඡායා පිටපතක්

⛺ ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ උප්පැන්න සහතිකයේ පැහැදිළි ඡායා පිටපතක්

⛺ ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ ප්‍රතිඵල ලේඛනයේ පැහැදිළි ඡායා පිටපතක් (විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින් භාගත (Download) කර ගත යුතුය)

⛺ සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිළි ඡායා පිටපතක් .

⛺ අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ ( මව/පියා විසින් නොවන අවස්ථාවක ) භාරකරු නම් නීත්‍යානුකූල භාරකාරත්වය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

⛺ ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ උප්පැන්න සහතිකයේ සඳහන් වන මව/පියා/භාරකරුගේ නම හා සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් නම අතර වෙනසක් පවතී නම් එම නම් සියල්ලෙන්ම හැඳින්වෙන්නේ එක් අයෙකු බවට සේවායෝජක විසින් සහතික කරන ලද ලිපියක්

⛺ සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් නම හා ආකෘති II වාර්තා වල සඳහන් නම අතර වෙනසක් පවතී නම් එම නම් සියල්ලෙන්ම හැඳින්වෙන්නේ එක් අයෙකු බවට සේවායෝජක විසින් සහතික කරන ලද ලිපියක්

⛛ පාඨමාලා ගාස්තු ගෙවීම්

පාඨමාලාව සාර්ථකව අවසන් කළ බවට අදාළ සහතික පත්/ලියකියවිලි අප වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පහත ක්‍රම දෙක යටතේ පාඨමාලා ගාස්තු ගෙවීම් සිදු කරනු ලැබේ.

1.පාඨමාලා ගාස්තු සෘජුව වෘත්තීය පුහුණු ආයතනයට ගෙවීම

පාඨමාලා ලියාපදිංචි ගාස්තුව ඔබ විසින් ගෙවිය යුතුය.  රු.25000.00 ක උපරිම සීමාවකට යටත්ව පාඨමාලා ගාස්තුව අප මණ්ඩලය විසින් අදාළ වෘත්තීය පුහුණු ආයතනයට ගෙවනු ලැබේ.

2.පාඨමාලා ගාස්තු ශිෂ්‍ය/ශිෂ්‍යයාවට ප්‍රතිපූර්ණය කීරීම

පාඨමාලා ගාස්තුව අදාළ ශිෂ්‍ය/ශිෂ්‍යයාව විසින් පුහුණු ආයතනයට ගෙවීම් කර ඇත්නම්,      ගෙවීම් තහවුරු ලේඛන ඉදිරිපත් කිරීම මඟින් එම මුදල් ප්‍රතිපූර්ණය කරනු ලැබේ. ඒ සඳහා අයදුම්පත ඉදිරිපත් කිරීමේදී ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ බැංකු ගිණුම් තොරතුරු අප වෙත ලබා දිය යුතුය.

⛛ ප්‍රතිලාභ ඉල්ලුම්කිරීමේ පියවර

⛺ විද්‍යුත් අයදුම්පත (Online Application) නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පුරවා submit කරන්න.

⛺ වර්තමාන සේවායෝජක විසින් සම්පූර්ණ කළ යුතු අයදුම්පත බාගත කර සේවායෝජක මඟින්  නිවැරදිව සම්පූර්ණ කර නිල මුද්‍රාව යොදා සහතික කල යුතුය. 

⛺ ඉන්පසු සම්පූර්ණ කරන ලද සේවායෝජකගේ අයදුම්පත සමග අනෙකුත් සෙසු ලියකියවිලි Scan කර PDF ගොනුවක් ලෙස සකසා Upload කළ යුතුයි. PDF ගොනුව දරුවාගේ ජාතික හැදුනුම්පත් අංකයට Rename  කළ යුතු වේ.   

⛺ ඔබගේ අයදුම්පත සුදුසුකම් ලද අයදුම්පතක් ලෙස තහවුරු කිරීමෙන් පසු මෙහි සඳහන් කර ඇති පිළිගත් වෘත්තීය පාඨමාලාවක් තෝරාගෙන (NVQ) එම පාඨමාලාව හැදෑරීමට අපේක්ෂිත අනුමත ආයතනයක ලියාපදිංචි විය යුතුය.

⛺ ලියාපදිංචි වීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව අප මණ්ඩලය විසින් අදාළ ආයතනය වෙත පාඨමාලා ගාස්තු ගෙවීමට අදාළව පොරොන්දු ලිපියක් (Guarantee Letter) නිකුත් කරනු ලැබේ.

⛛ වැඩි විස්තර සඳහා

දුරකථන අංක : 0117747200 / 0112503917

(ශිෂ්‍යත්ව අංශය) 0117747281 / 0117747282

ඊ මේල් : dgmms@etfb.lk