සාදරයෙන් පිළිගනිමු සේවා නියුක්තයන්ගේ භාර අරමුදල 1980 අංක 46 දරණ සේ.නි.භා.අ. පනතෙහි විධිවිධාන යටතේ 1981 මාර්තු 01 වැනි දින ස්ථාපිත කරන ලදි. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ සමාජ ආරක්ෂණ අරමුදල එය ඔබගේ සම්පතකි අපි ඔබේ අනාගතය ආරක්ෂා කරන්නෙමු

සාදරයෙන් පිළිගනිමු

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල 1980 අංක 46 දරණ සේ.නි.භා.අ. පනතෙහි විධිවිධාන යටතේ 1981 මාර්තු 01 වැනි දින ස්ථාපිත කරන ලදි. මෙම අරමුදල සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් පාලනය කරනු ලබන අතර වර්තමානයේදී සේ.නි.භා.අ. මණ්ඩලය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය භාර අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ ක්‍රියාත්මක වේ. මෙකී පනතේ විධිවිධාන ගරු අමාත්‍යතුමා විසින් නිකුත් කරනු ලදුව ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගයක සඳහන් කර ඇති ආකාරයට රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ කිසියම් පංතියකට හෝ කාණ්ඩයකට අයත් රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ සෑම ව්‍යාපාරයක් සම්බන්ධයෙන්ම අදාල වේ.

ස්වයං රැකියාවල නියුක්ත පුද්ගලයන්ට හා සංක්‍රමික සේවකයන්ට ද මෙම අරමුදලට දායක විය හැකි අතර එහි සාමාජිකත්වය ලබා ගත හැකිය. වර්තමානය වන විට අරමුදලේ ක්‍රියාකාරී සාමාජිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 2.6ක් පමණ වන අතර එකී ප්‍රමාණය සේවායෝජකයින් 79,000කින් ආවරණය කරනු ලබයි. 2021 දෙසැම්බර් 31 දින වන විට අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 406 ක් පමණ විය. සේ.නි.භා.අ. මණ්ඩලයේ කටයුතු විමධ්‍යගත කිරීම පිණිස සහ සාමාජිකයන්ට වඩා යහපත් සේවාවක් ලබා දෙනු පිණිස 1995 වර්ෂයේදී සේ.නි.භා.අ. මණ්ඩලය විසින් ශාඛා ජාලයක් හඳුන්වා දෙන ලදි.

ප්‍රවෘත්ති

ANNUAL REPORT AWARD COMPETITION 2020

ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ රාජ්‍ය අංශය වන රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරුන්ගේ සංගමය විසින් සංවිධානය කළ 2020 වසරේ හොඳම වාර්ෂික වාර්තා සම්මාන...

වැඩිපුර කියවන්න

නිවේදන හා දැන්වීම්