සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයින් හා සේවායෝජකයින්‍ගේ ප්‍රයෝජනය සඳහා පහත සඳහන් ඊ-සේවාවන් දියත් කර ඇත.
ස්වයංරැකියාවල නියුතු සාමාජිකයින් ඇතුලුව සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකයින්ට, ඔවුන්ගේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ශේෂය නිරීක්ෂණය සඳහා පහසුකම් ශ්‍රී ලංකා ද්වාරයේ (www.srilanka.lk) සේවාවට පිරුම මගින් හෝ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ වෙබ් අඩවියෙහි සාමාජික ශේෂ නිරීක්ෂණය මගින් හෝ නිරීක්ෂණය කළ හැක. |
සාමාජිකයාට ඔහුගේ ⁄ ඇයගේ පිවිසුම් ගිණුම පහත ක්‍රම දෙකෙන් එකක් මඟින් නිර්මාණය කරගත හැක. |
ප්‍රධාන කාර්යාලයේ සාමාජික ගිණුම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික ගිණුම්) වෙත අදාළ උපකාරක ලියකියවිලි සමඟ සේවායෝජකයා විසින් සේවානියුක්තයන්ගේ භාර අරමුදලේ ඊ- සේවාවන් ඉල්ලුම් කිරීමේ අයදුම්පතක් සම්පූර්ණ කර ඔවුන‍්ගේ සාමාජිකයින් සඳහා පිවිසුම් ගිණුමක් ආරම්භ කිරීම සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ලියාපදිංචි වූ සේවායෝජකයින් විසින් ඉදිරිපත් කිරීම මඟින් සේවායෝජක පිවිසුම් ගිණුමක් ලබාගත හැක. පුරවනලද තොරතුරු විද්‍යුත් තැපෑලින් ලබාදිය හැක. එසේත් නොමැති නම් ඉදිරිපත් කරන අවස්ථාවේදීම බාරදිය හැක.
ලබාගන්නා ලද පිවිසුම් ගිණුම යොදාගෙන සේවායෝජකයින්ට ශ්‍රී ලංකා ද්වාරයෙහි (www.srilanka.lk)හෝ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ වෙබ් අඩවියෙහි ඇති සේවායෝජක පිවිසුම හරහා එහි ඇත්තාවූ සේවාවන් භාවිතා කළ හැකි අතර ඔවුන්ගේ සාමාජිකයින් සඳහා පිවිසුම් ගිණුම් නිර්මාණය කළ හැක. සාමාජිකයෙකුට පුද්ගලික ශේෂය පරීක්ෂා කළ හැක. සියලුම සාමාජිකයින්‍ගේම ශේෂයන් ප්‍රදර්ශනය කල හැක. එමෙන්ම සේවායෝජකයාගේ පැතිකඩ තොරතුරු වෙනස්කළ හැක.
ප්‍රධාන කාර්යාලයේ සාමාජික ගිණුම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික ගිණුම්) වෙත සාමාජිකයා විසින් සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ඊ-සේවාවන් ඉල්ලුම් කිරීමේ අයදුම්පතක් සම්පූර්ණ කර සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ලියාපදිංචි සාමාජිකයෙකුට සෘජුවම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙන් ඉල්ලුම්කර පිවිසුම් ගිණුමක් ලබාගත හැක. පිරුම් තොරතුරු විද්‍යුත් තැපෑලෙන් ලබාදිය හැක. එසේත් නොමැති නම් ඉදිරිපත් කරන අවස්ථාවේදීම භාරදිය හැක. |
පිවිසුම් ගිණුමක් ලබාගැනීමත් සමඟම සාමාජිකයාට එම පිවිසුම් ගිණුම යොදාගෙන සාමාජිකයාට ශ්‍රී ලංකා ද්වාරයෙහි ( www.srilanka.lk ) හෝ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වෙබ් අඩවියෙහි ඇති සාමාජික ශේෂ නිරීක්ෂණය හරහා ඔහුගේ ⁄ ඇයගේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ශේෂය නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම පැතිකඩ තොරතුරු වෙනස් කළ හැකිය. මුරපදය යලි පිහිටුවිය හැකිය. එමෙන්ම හිමිකම් ඉල්ලුම් පත්‍රය බාගත හැකිය. තවද ගිණුම නිර්මාණය කරන අවස්ථාවේදී ලබාදෙන්නාවූ ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ හරහා සාමාජිකයෙකුට ඔහුගේ ⁄ ඇයගේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලෙහි ශේෂය 1919 ට කෙටි පණිවිඩයක් පහත ආකාරයට යැවීම මගින් නිරීක්ෂණය කළ හැක. 1919 ට ETF < හිස්තැනක් > BLC < හිස්තැනක් > ‘පරිශීලක නම’ |
ප්‍රධාන කාර්යාලයේ සාමාජික ගිණුම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික ගිණුම්) වෙත ස්වයංරැකියාවක නියැලෙන සාමාජිකයා විසින් සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ඊ-සේවාවන් ඉල්ලුම් කිරීමේ අයදුම්පතක් සම්පූර්ණ කර සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ලියාපදිංචි සාමාජිකයෙකුට සෘජුවම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙන් ඉල්ලුම්කර පිවිසුම් ගිණුමක් ලබාගත හැක. පිරුම් තොරතුරු විද්‍යුත් තැපෑලෙන් ලබාදිය හැක. එසේත් නොමැති නම් ඉදිරිපත් කරන අවස්ථාවේදී භාරදිය හැක. |
ලබාගන්නා ලද පිවිසුම් ගිණුම යොදාගෙන ස්වයංරැකියා සාමාජිකයාට ශ්‍රී ලංකා ද්වාරයෙහි (www.srilanka.lk) හෝ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වෙබ් අඩවියෙහි ඇති සාමාජික ශේෂ නිරීක්ෂණය හරහා ඔහුගේ ⁄ ඇයගේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ශේෂය නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම පැතිකඩ තොරතුරු වෙනස් කළ හැකිය. මුරපදය යලි පිහිටුවිය හැකිය. එමෙන්ම හිමිකම් ඉල්ලුම් පත්‍රය බාගත හැකිය. |
තවද ගිණුම නිර්මාණය කරන අවස්ථාවේදී ලබාදෙන්නාවූ ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ හරහා සාමාජිකයෙකුට ඔහුගේ ⁄ ඇයගේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලෙහි ශේෂය 1919 ට කෙටි පණිවිඩයක් පහත ආකාරයට යැවීම මගින් නිරීක්ෂණය කළ හැක. 1919 ට ETF < හිස්තැනක් > BLC < හිස්තැනක් > ‘පරිශීලක නම’ |
සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ හිමිකම් ආපසු ගැනීම සඳහා ඉල්ලුම් පතක් ඉදිරිපත් කළ විට එම හිමිකම ගෙවීමට සූදානම්වීම දක්වා එම හිමිකම් ඉල්ලුම් පත්‍රය අදියර කිහිපයකින් යුත් ක්‍රියාවලියක් පසුකරයි. සාමාජිකයාට ⁄ හිමිකම්පාන්නාට දැනුම්දිය යුතු මෙම ක්‍රියාවලියේ යම් යම් අවස්ථාවල තත්ත්වය එම සාමාජිකයා ⁄ හිමිකම්පාන්නා තම අයදුම්පතෙහි සඳහන්කල ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩ හරහා දැනුම් දෙනු ලබයි.