සේවා යෝජකයන්ගේ විස්තර

“සේවා යෝජකයා” යන්නෙන් යම් කම්කරුවෙකු සේවයේ යොදවන යම් පුද්ගලයකු හෝ යම් පුද්ගලයකු වෙනුවෙන් කම්කරුවකු සේවයේ යොදවන වෙනත් පුද්ගලයකු අදහස් වන අතර ඊට සේවා යෝජකයන්ගේ ආයතනයක් (ව්‍යාපාර ආයතනයක්, සමාගමක්, සංස්ථාවක්, පළාත් පාලන මණ්ඩලයක් හෝ වෘත්තීය සමිතියක් වැනි ආයතනයක්) ඇතුළත් වේ. එසේම යම් පුද්ගලයකු වෙනුවෙන් යම් කම්කරුවෙකු සේවයේ යොදවන වෙනත් පුද්ගලයකුද අදහස් වන අතර යම් ලිඛිත නිතියක් යටතේ රජයට පවරණු ලැබූ යම් වෙළඳ ව්‍යාපාරයක නිසි බළධාරියාද නීත්‍යානුකූල උරුමක්කරු, නීති ප්‍රකාර අනුප්‍රාප්තිකයා  සමාගමක පොල්ම:කාර හෝ අද්මිනිස්ත්‍රාසිකරු සහ ඈවරකරු ඒකාබද්ධ නොවන සමාගමක් නොවන විට එම සමාගමේ සභාපති හෝ ලේකම් ද හවුල් ව්‍යාපාරයක් වන විට කළමනාකාර කොටස්කරු හෝ කළමකාරු ද ඇතුළත් වේ.

“සේවකයා” යන්නෙන් සේවා යෝජකයකු සමඟ එළඹ ඇති ගිවිසුම ප්‍රකාශිතව හෝ වටහා ගත හැකිව හෝ වාචිකව හෝ ලිඛිතව හෝ එළඹ ඇති ගිවිසුමක් වුවද ගිවිසුමකට හෝ සේවාවකට හෝ ආධුනිකත්වයකට ඇතුළුව හෝ කිසියම් කම්කරු වැඩක් පෞද්ගලිකව ඉටු කිරීමට හෝ එළඹ ඇති ගිවිසුමක් වුවද සේවා යෝජකයා සමඟ එළඹ ඇති ගිවිසුමක් යටතේ හෝ සේවය කරන යම් තැනැත්තකු අදහස් වන අතර එවැනි යම් ගිවිසුම් යටතේ සාමාන්‍යයෙන් සේවයේ නියුතු යම් තැනැත්තකු කිසියම් කාලයකදී සේවයේ නියුක්තව හෝ සේවයේ නියුක්ත නොසිටිය වුවද එම තැනැත්තා මීට ඇතුළත් වේ.

සු‍දුසුකම් සහ දායක මුදල් ගෙවීම

විශ්‍රාම වැටුප් හිමි සේවා නියුක්තයන් සිටින රජයේ දෙපාර්‍තමේන්තුවක හැර, ව්‍යාපාරයේ ස්වභාවය හා ප්‍රභේදය සැළකිල්ලට නොගෙන එක් සේවකයකු පමණක් සිටින සේවා යෝජකයකු හෝ මෙම අරමුදලට දායක මුදල් ගෙවීමට නීතියෙන් බැඳී සිටියි. රාජ්‍ය සංස්ථා, අධිකාරි, මණ්ඩල, පළාත් පාලන ආයතන යනාදිය හා පෞද්ගලික අංශයේ සංවිධාන හා ආයතන මෙම අරමුදලට දායක මුදල් ගෙවීමට බැඳී සිටියි.

දායක මුදල් ගෙවීමෙන් නිදහස් සංවිධාන, ආයතන හා පුද්ගලයින්

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතින් ආවරණය වන සේවා යෝජකයින්

ව්‍යතිරේකයන්

දායක මුදල් ගණනය කිරීම

සියළු සේවකයින් වෙනුවෙන් දායක මුදල් ගෙවීමේ වගකීම සෑම සේවා යෝජකයකුම සතුවේ. කිසිදු සේවා යෝජකයකුට සේවකයන්ගේ ඉපයීම්වලින් හෝ වැටුපෙන් දායක මුදල් අඩු කර ගත නොහැකිය.

සේවකයකු සඳහා මුළු ඉපයීම්

මුළු ඉපැයීම් වලට පහත දෑ ඇතුළත් විය යුතුය.

සේවායෝජකයා ගෙවිය යුතු දායක මුදල

සේවාකයාගේ මාසික මුළු ඉපයීම් වලින් 3%ක මුදලක් වේ. (සේවකයාගේ මුළු ඉපයීම් වලින් අඩු නොකල යුතුයි)