සභාපති

ඩී. එල්. පී රෝහණ අභයරත්න මහතා

සභාපති / ප්‍රධාන විධායක
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය

  ☏  +94 11 7747201
  🖷  +94 11 2503917
        ✉︎  chairman@etfb.lk   

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ කටයුතු 1981 මාර්තු මස 01 වැනි දින ආරම්භ කරන ලද අතර කම්කරු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. දැනට එය මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

 

මෙම අරමුදලේ ප්‍රධාන ලක්ෂණය වනුයේ සියළු පෞද්ගලික, අර්ධරාජ්‍ය අංශයේ සේවායෝජකයන් විසින් සේවකයන් රැකියාවේ නියුක්ත කාලය ඇතුළත ඔවුන් සඳහා අරමුදල මගින් සමාජ සහ සුභසාධන ප්‍රතිලාභ රාශියක් ක්‍රියාත්මක කරන අතරදීම තම සේවකයින්ගේ දළ මාසික ආදායමෙන් 3%කට සමාන ප්‍රමාණයක් දායක මුදල් වශයෙන් මාසිකව අරමුදලට ගෙවීමයි. ප්‍රධානය කරන ලද සුභසාධන ප්‍රතිලාභ වල විශේෂ ලක්‍ෂණය වනුයේ කිසියම් සමාජ සහ සුභසාධන ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් සාමාජිකයාගේ ශේෂයෙන් එය නැවත අයකර නොගැනීමයි. එයට අමතරව සාමාජිකයාට අරමුදලින් ඔහුට බැරවී ඇති සම්පූර්ණ ‍ශේෂය ඔහු විශ්‍රාම ගැනීමේදී හෝ රැකියාව වෙනස් වේ නම් වර්ෂ පහකට වරක් නැවත ලබාගත හැකිය. මේ වන විට සේවායෝජකයින් 79,000ක් විසින් සේවයේ නියුක්ත කරන ලද සාමාජිකයෝ මිලියන 2.6ක් පමණ අරමුදලේ සිටිති. 2021 වර්ෂය අවසානය වන විට අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 406 දක්වා වර්ධනය විය.

දායක මුදල් එකතු කිරීම, ආයෝජන ආදායම්, අධිභාර ආදායම්, අරමුදලේ වර්ධනය යනාදී අංශ ද ඇතුළුව මණ්ඩලයේ ප්‍රගතිය පසුගිය වසර කිහිපය තුළ සැළකිය යුතු ලෙස වර්ධනය විය. ඒ අනුව 2021 වර්ෂයේදී සියළුම සාමාජිකයන් සඳහා මුළු ලාභාංශ සහ පොළි අනුපාතයේ එකතුව 7.25%ක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අරමුදලට හැකිවිය. සියළුම ප්‍රධාන කටයුතු නවීන තොරතුරු තාක්‍ෂණ පහසුකම් උපයෝගී කොට ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කාර්යාල 19 කට විමධ්‍යගත කොට ඇත.

මණ්ඩලයේ සමස්ථ කාර්ය මණ්ඩලය 920 දෙනෙකු පමණ වන අතර මොවුන්ගෙන් බොහොමයක් දෙනා තරුණ වයසේ පසුවන සම්පත් දායකයෝ වෙති. එය මණ්ඩලයේ කටයුතු ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ඉවහල් වේ. සාමාජිකයන් සඳහා විශිෂ්ට සේවාවක් ඉදිරි වසර වලදී සැපයීම අපගේ ඉමහත් බලාපොරොත්තුවයි.

සභාපති/ප්‍ර.වි.නි.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය