ව්‍යවස්ථාපිත නොවන ප්‍රතිලාභ

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට අයත් සක්‍රීය සාමාජික සාමාජිකාවන් (දැනට සේවයේ නිරතව සිටින්නන්) හට ලබා ගැනීමට හිමිකම් සැලසෙන සාමාජික සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම කිහිපයක් මණ්ඩලය විසින් සකස් කරනු ලැබ තිබේ.

පොදු නියමයන්

මණ්ඩලයේ සියලුම සක්‍රීය සාමාජික සාමාජිකාවන් මෙම ප්‍රතිලාභ යෝජනා ක්‍රමවල ප්‍රයෝජන අත්කර ගැනීමට සුදුසුකම් ලබයි. “සක්‍රීය සාමාජිකයෙකු” යනුවෙන් අදහස් කෙරෙනුයේ දැනට සේවයෙහි නියුතු හා මණ්ඩලය වෙත තමා වෙනුවෙන් දායක මුදල් ප්‍රේෂණය වන තැනැත්තෙකුටය.

පහත දැක්වෙන ප්‍රතිලාභ යෝජනා ක්‍රම දැන් ක්‍රියාත්මකව පවතී.

ප්‍රතිලාභ යෝජනා ක්‍රමය

ඇරඹි දිනය

පහ වසර ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය

පහ වසර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් කුසලතා සාමාර්ථ සහිතව සමත්වන අරමුදලේ සක්‍රීය සාමාජිකයන්ගේ (දෙමව්පියන් කවරෙකුගේ හෝ) දරුවන් මෙම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබයි. පහ වසර ශිෂ්‍යත්ව පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු සැලකිල්ලට ගනිමින් සේ.නි.භා. අරමුදලේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් නව දහසක් සඳහා රු.15,000/- බැගින් වූ මූල්‍ය ප්‍රදානයක් වාර්ෂිකව පිරිනැමේ.

නීති සහ කොන්දේසි

  1. විභාග ප්‍රතිඵල නිකුත් වූ පසු අදාළ අයදුම්පත් කැඳවමින් පුවත්පත් මගින් දැන්වීම් පළ කෙරේ.
  2. අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනෙන් පසු ලැබෙන අයදුම්පත් කිසිවක් භාර ගනු නොලැබේ.

    ප්‍රදානය කරනු ලබන මුදල අදාළ දරුවාගේ මහජන බැංකුවේ “සිසු උදාන” ගිණුමක තැන්පත් කෙරේ. මෙම තැන්පතු මුදල දරුවාගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ආපසු ලබාගත හැකිය. එසේ වුවද, කිසියම් නිශ්චිත හේතූන් මත දරුවාගේ දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට එම මුදල ආපසු ලබා ගැනීමට පුළුවන.

අ.පො.ස (උ.පෙළ) සමත් සේ.නි.භා.අ. සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් සඳහා අධ්‍යයන ප්‍රදාන

 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් අරමුදලේ සක්‍රීය සාමාජිකයන්ගේ දරුවන් 5,000 දෙනෙකු සඳහා රු.12,000/- බැගින් වූ වටිනාකමක් සහිත අධ්‍යයන ප්‍රදානයක් වාර්ෂිකව පිරිනමනු ලැබේ. මෛ ප්‍රදානය ඔවුන්ගේ උසස් අධ්‍යාපන කාර්යයන් සඳහා වන අතර, එය 2010 වසරේ සිට ක්‍රියාත්මක වේ. එක් එක් විෂය ධාරාව යටතේ දිස්ත්‍රික් පදනම අනුව අදාළ විභාගයේදී ලබාගත් ඉහළ ලකුණු ප්‍රමාණ මත මේ සඳහා ළමුන් තෝරා ගැනේ.

නීති සහ කොන්දේසි

  1. විභාග දෙපාර්තමේන්තුව විසින් අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව පුවත්පත් දැන්වීම් පළ කිරීම මගින් මේ සඳහා සුදුසු අයදුම්කරුවන් කැඳවනු ලැබේ.

පූර්ණ ආබාධිතභාවය හේතුවෙන් සේවය අවසන් කිරීමට සිදුවූ සේ.නි.භා.අ. සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් සඳහා පහ වසර ශිෂ්‍යත්ව

දැනට ලබාදෙන ශිෂ්‍යත්ව 9000 ට අමතරව, පූර්ණ ආබාධිතභාවය හේතුවෙන් සේවය අවසන් කිරීමට සිදුවූ සේ.නි.භා.අරමුදලේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් වෙතද පහ වසර ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ. මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සලකා බැලෙනුයේ අදාළ සාමාජිකයා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ වසරේ සිට වසර පහක කාලයක් ඇතුළත ඔහුගේ / ඇයගේ දරුවන් පහ වසර ශිෂ්‍යත්ව පරීක්ෂණය සමත්ව ඇත්නම් පමණි.

නොමිලේ ලැබෙන ජීවිත රක්ෂණ ක්‍රමය

සියලුම සක්‍රීය සාමාජික සාමාජිකාවන් මෙම ක්‍රමය යටතේ පැය 24 පුරාම රක්ෂණාවරණය වන්නේය.  සාමාජිකයෙකුගේ මරණය සිදුවූ අවස්ථාවකදී එකී මියගිය සාමාජිකයාගේ නීත්‍යානුකූල උරුමකරු‍වෝ එකී මියගිය සාමාජිකයාගේ පෞද්ගලික ගිණුමෙහි බැරව පවත්නා දායක මුදල ඊට අයත් පොලිය හා ලාභාංශ ද සමඟ ලබා ගැනීමට සුදුසුකම් ලබන්නාහ.  ඊට අමතරව අදාළ රක්ෂණ ප්‍රතිලාභ මියගිය සාමාජිකයාගේ නීත්‍යානුකූල උරුමකරුවන් හට ආකෘති පත්‍ර VIA, VIII (නව) සහ CLA/04  යන ලේඛන යටතේ සපයා ඇති තොරතුරු මත පදනම්ව ගෙවනු ඇත.  අදාළ රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වෙනම අයදුම්පතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

නීති සහ කොන්දේසි

  1. රක්ෂණ ප්‍රතිලාභයේ සීමාව රු. 100,000/-ක උපරිමයකට යටත්ව, අදාළ මරණය සිදුවූ මාසයට පෙර ගත වූ මාස හය තුළ සාමාජිකයා විසින් ලබමින් සිටි වැටුපෙහි සාමාන්‍යයේ පසළොස්ගුණයක් වූ ප්‍රමාණයක් වන්නේය.
  2. මරණ හිමිකම් ඉල්ලී‍ම් අයදුම්පත අදාළ සාමාජික මරණය සිදුවූ දින සිට වසරකට නොවැඩි කාල සීමාවක් තුළ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
  3. ප්‍රතිලාභීන් මියගිය සාමාජිකයාගේ නීත්‍යානුකූල උරුමකරුවන් විය යුතුය.
  4. අදාළ මරණයට පූර්වයෙන් වූ දොළොස් මසක කාල පරිච්ඡේදය තුළ නොකඩවා දායක මුදල් ගෙවා තිබිය යුතුය.
  5. බූදල් නඩුවක් පවත්නා අවස්ථාවකදී, අරමුදලේ ශේෂය සහ රක්ෂණ ප්‍රතිලාභ අදාළ නඩුව විභාගයට ගන්නා අධිකරණය වෙත යවනු ඇත.
  6. අසාධ්‍ය රෝගයකින් පසුව මරණය සිදුවූ අවස්ථාවකදී සක්‍රීය සාමාජිකත්වය හා සම්බන්ධ දොළොස් මසක අවම කාල පරිච්ඡේදය පිළිබඳ අවශ්‍යතාව අදාළ නොවන අතර, පහත දැක්වෙන රෝග සඳහා ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුවනු පිණිස යටත් පිරිසෙයින් දෙමසක දායක මුදල් ගෙවා තිබීම ප්‍රමාණවත් වේ.

මරණයට හේතු

  1. පිළිකා රෝගය
  2. ක්ෂය රෝගය
  3. නිදන්ගත වකුගඩු රෝග
  4. නිදන්ගත අක්මා අකරණ රෝග
  5. පූති රක්තතා රෝගය

අවශ්‍ය ලිපි ලේඛන

  1. VIII ආකෘති පත්‍රය I සහ II කොටස හිමිකම් පාන්නා විසින් ද III කොටස සේවායෝජකයා විසින් ද නිම කළ යුතුය.

  2. CLA/04 ආකෘති පත්‍රය (නව)
    ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කර ඇති අයදුම්කරුගේ සහ මියගිය අයගේ විස්තර.
    VIII (A) ආකෘතිය – අනෙකුත් අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කළ යුතුය.
    ☛ VIII (B) ආකෘති පත්‍රය – සාමාජිකයා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද දායක මුදල් පිළිබඳ විස්තර සේවායෝජකයා විසින් මෙම ආකෘති පත්‍රයෙන් ලබා දිය යුතුය. සාමාජිකයා එක් සේවායෝජකයෙකුට වඩා වැඩ කර ඇත්නම් එක් එක් සේවායෝජකයා සඳහා වෙනම පෝරමයක් [VI (බී) ආකෘති පත්‍රය] අවශ්‍ය වේ.
    ☛ VIII (C) පෝරමය – පළාත් පාලන සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ වූ සේවකයින් සඳහා සේවායෝජකයා විසින් සම්පූර්ණ කිරීම.
    ☛ VIII (D) ආකෘති පත්‍රය – සමීප ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් සම්පූර්ණ කළ යුතුය.

පූර්ණ ආබාධිත රක්ෂණ ක්‍රමය

පූර්ණ ආබාධිතභාවය හේතුවෙන් රැකියාව අහිමි වූ අවස්ථාවකදී එකී ‍ආබාධිතභාවයේ ප්‍රමාණය මත රඳා පවතිමින් රු.300,000/-ක් වූ උපරිමයකට යටත්ව   මෙම රක්ෂණ ක්‍රමය තුළින් සක්‍රීය සාමාජිකයන් වෙත ප්‍රතිලාභ සැලසෙයි.  හදිසි අනතුරු සංඛ්‍යාවෙන් 30ක් වූ ඇතැම් කාර්මික රෝග,  පක්ෂගාත රෝගය, පිළිකා රෝගය සහ දියවැඩියා රෝගය එල්ලේ පැය 24 මුළුල්ලේම සාමාජිකයන් රක්ෂාණාවරණය ලබන්නේය.

පහත සඳහන් ආබාධ ඇතුළත් වේ

  1. ඇස් දෙකෙහිම පෙනීම ස්ථිර වශයෙන් අහිමි වීම
  2. දෑත් හෝ දෙපා පූර්ණ වශයෙන් අහිමි වීම
  3. එක් අතක් හෝ පාදයක් පූර්ණ වශයෙන් අහිමි වීම
  4. එක් ඇසක පෙනීම අහිමි වීම සමඟ එක් අතක් හෝ පාදයක් පූර්ණ වශයෙන් අහිමි වීම
  5. එක් අතක් හෝ පාදයක් පූර්ණ වශයෙන් අහිමි වීම සටහන: අදාළ පූර්ණ අබාධිතභාවය තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ආකෘති පත්‍ර VII මගින් ඉදිරිපත් කළ යුතුය.
  6. ආබාධිත සාමාජිකයා අදාළ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබනුයේ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් පසුව අදාළ ආබාධිතභාවය 50% ක් වූ ප්‍රතිශතයක් ඉක්මවා ඇත්නම් පමණි.
  7. හදිසි අනතුර/රෝගය හේතුවෙන් සේවා නියුක්තිය අවසන් වී ඇති බව අදාළ සේවා යෝජක විසින් සහතික කළ යුතුය.
  8. රෝහලින් මුදාහැරි දිනය හෝ රැකියාව අවසන් කළ දිනය යන දෙකින් පසුව එළැඹි දින සිට අවුරුද්දක් ඇතුළත අදාළ අයදුම්පත ඉදිරිපත් කළ යුතුය
  9. ප්‍රතිලාභයේ මුදල වනුයේ අදාළ මරණය සිදුවූ මාසයට ප්‍රථමයෙන් ගතවූ දොළොස් මසක කාල පරිච්ඡේදය තුළ සාමාජිකයා විසින් ලබා ගනිමින් සිටි වැටුපෙහි සාමාන්‍යයේ විසිහතර ගුණයක් වූ ප්‍රමාණයකි.

හදවත් සැත්කම් සඳහා වූ මූල්‍යාධාර ක්‍රමය

මණ්ඩලය විසින් වර්ගීකරණය කරනු ලැබ ඇති ඇතැම් හදවත් සැත්කම්වලට (පහත බලන්න) භාජනය වන්නාවූ සාමාජික සාමාජිකාවෝ රු.350,000/- දක්වා වූ මූල්‍යාධාර ඉල්ලා සිටීම සඳහා සුදුසුකම් ලබති.  අදාළ ශල්‍ය කර්මය දේශීයව හෝ විදේශීයව සිදුකළ හැකිය.

පහත සඳහන් සැත්කම් ඇතුළත් වේ

  1. කිරීටක හෘදරෝග (බයිපාස් සැත්කම්)
  2. ආජන්ම හෘදරෝග (හෘද කපාට රෝග)
  3. හෘද කපාට ප්‍රතිස්ථාපනය
  4. පීස්මේකර් යන්ත්‍ර හදවතක් බද්ධ කිරීම
  5. ඇන්ජියෝ ෆ්ලාස්ටි සහ ස්ටෙන්ටින් සැත්කම්වි
  6. කිරණ තරංග ඝර්ෂණය (ඇන්ජියෝ ෆ්ලාස්ටි සැත්කමට සමාන සත්කාර ක්‍රමයකි)
  7. කන්තු ඝර්ෂක යන්ත්‍ර (ICD) බද්ධ කිරීම (පීස්මේකර් යන්ත්‍ර හදවත් සැත්කමකට සමාන සත්කාර ක්‍රමයකි)

නීති සහ කොන්දේසි

  1. මෙම ශල්‍යකර්ම දේශීය වශයෙන් රජයේ හෝ පෞද්ගලික රෝහල්වල හෝ විදේශීය වශයෙන් හෝ කළ හැකිය.
  2. සැත්කමට භාජනය වන සාමාජිකයා හෝ සාමාජිකාව හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් දෙනු ලබන අදාළ ශල්‍යකර්මයේ වර්ගය දැක්වෙන ලිපියක් හා රෝහල විසින් සපයනු ලබන ඊට අදාළ ඇස්තමේන්තුගත වියදම පිළිබඳ විස්තර ද ඉදිරිපත් කළ යුතුය.
  3. ලබාගත් මූල්‍යාධාර සම්බන්ධ සියලු මූලාශ්‍ර සහ ඊට අදාළ මුදල් ප්‍රමාණ සාමාජිකයා විසින් ප්‍රකාශිතව දැක්විය යුතුය. (උදා: සේවා යෝජක, ජනාධිපති අරමුදල, රක්ෂණ සමාගම් සහ වෙනත් සංවිධාන / පුණ්‍යායතන)
  4. හදිසි අනතුර / රෝගය හේතුවෙන් සාමාජිකයාගේ රැකියාව අවසන්වී ඇති බව අදාළ සේවා යෝජක විසින් සහතික කළ යුතුය.

    ♥ අදාළ සැත්කම විදේශයකදී සිදුකර ඇති අවස්ථාවකදී, ශ්‍රී ලංකාවේ සිටින හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝගියා විදේශ රෝහලකට යොමු කරමින් නිකුත් කරන ලද ලිපිය සහ සැත්කමට වැය වූ මුළු වියදම සඳහන් අදාළ විදේශ රෝහල විසින් නිකුත් කරන ලද බිල්පත් අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.

    ♥ සාමාජිකයා විසින් තම සැත්කම සිදුකරගන්නා රෝහල වෙත මණ්ඩලය විසින් ඇපකර ලිපියක් නිකුත් කරන අතර, අදාළ සැත්කමෙන් පසු එම රෝහලට එකී ඇපකර ලිපියෙහි සඳහන් මුදල තමන් විසින් ගෙවීමට භාර ගන්නා බවට මණ්ඩලය සහතික වෙයි

අවශ්‍ය ලිපි ලේඛන

  1. සැත්කමක් අවශ්‍ය බවට හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් නිකුත් කළ ලිපිය හා රෝගීභාවයේ විස්තර
  2. සැත්කමෙහි ඇස්තමේන්තුගත වියදම දැක්වෙන අදාළ රෝහල විසින් නිකුත් කරනු ලැබූ ලිපිය
  3. සාමාජිකයාගේ (රෝගියාගේ) ඇන්ජි‍යෝග්‍රෑම් රේඛන පරීක්ෂණ වාර්තාවේ පිටපතක්
  4. ජනාධිපති අරමුදල, රක්ෂණ සමාගම්, සේවා යෝජක හා වෙනත් මූලාශ්‍ර වෙතින් සැපයෙන මූල්‍යාධාර සනාථ ‍කෙරෙන ලේඛන
  5. රෝහල විසින් නිකුත් කරනු ලබන අවසන් බිල්පතෙහි හා ඊට අදාළ කුවිතාන්සියෙහි මුල් පිටපත්
  6. සේවා යෝජක විසින් සහතික කරන ලද සාමාජිකයාගේ ජාතික හැදුනුම්පත, රෝග නිශ්චය කාඩ්පත සහ බැංකු පාස් පොත (බැංකු හිමියාගේ, බැංකුවේ සහ එහි ශාඛාවේ විස්තර සහිත පිටු දැක්වෙන පරිදි) යන ලේඛනවල පිටපත්
  7. අදාළ සැත්කම විදේශයකදී සිදුකරනු ලබන්නේ නම්, ශ්‍රී ලංකාවේ සිටින හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝගියා විදේශ රෝහලක් වෙත යොමු කරමින් නිකුත් කරන ලද ලිපිය

අන්තර් අක්ෂීය කාච වියදම් ප්‍රතිපූරණය

අක්ෂි තිමිරය ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු අන්තර් අක්ෂීය කාච බද්ධ කිරීම සඳහා දැරූ වියදම්, එක් ඇසකට රු.25,000/-ක උපරිමයකට යටත්ව, ප්‍රතිපූරණය වෙනුවෙන් හිමිකම් ඉල්ලා සිටීමට මෙම ක්‍රමය සාමාජික සාමාජිකාවන්ට ඉඩ සලසා දෙයි. (ඇස් දෙකම සදහා රු 50,000)

නීති සහ කොන්දේසි

  1. මෙම ශල්‍යකර්මය දේශීය වශයෙන් රජයේ හෝ පෞද්ගලික රෝහල්වල කළ හැකිය. අක්ෂි කාච සඳහා වන වියදම පමණක් එක් ඇසකට රු. 25,000/-ක උපරිමයකට යටත්ව ප්‍රතිපූරණය කෙරේ.
  2. රෝහලෙන් රෝගියා මුදාහළ දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතුය
  3. අන්තර් අක්ෂීය කාචය මිලදී ගත් මුල් කුවිතාන්සිය ඉදිරිපත් කළ යුතුය. සේවා යෝජක විසින් සහතික කරන ලද අදාළ රෝහල මගින් නිකුත් කළ රෝග නිශ්චය කාඩ්පතෙහි පිටපතක් ද ඉදිරිපත් කළ යුතුය.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා වූ මූල්‍යාධාර ක්‍රමය

2006 ජූලි මස ඇරඹි මෙම ප්‍රතිලාභ ක්‍රමය වකුගඩු බද්ධ කිරීම් සඳහා රු. 350,000/-ක උපරිමයක් දක්වා වූ මූල්‍යාධාර සපයයි.

නීති සහ කොන්දේසි

  1. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා පමණක් මූල්‍යාධාර සපයනු ලැබේ. වකුගඩු ආබාධ සඳහා වූ වෙනත් යම් ශල්‍යකර්ම හා ප්‍රතිකාර මෙම ක්‍රමය මගින් ආවරණය නොකෙරේ.
  2. වකුගඩු ලබන තැනැත්තා (රෝගියා) පමණක් මෙම ප්‍රතිලාභය සඳහා හිමිකම් ලබන අතර, වකුගඩුව ප්‍රදානය කරන්නා සේ.නි.භා.අරමුදලේ සක්‍රීය සාමාජිකයෙකු වුවද මෙම ක්‍රමය යටතේ ප්‍රතිලාභ කිසිවක් ලබාගැනීම පිණිස සුදුසුකම් නොලබයි.
  3. ශ්‍රී ලංකාව තුළ වකුගඩු සැත්කම් සිදු කරනු ලබන කිසියම් රෝහලක හෝ විදේශ රෝහලකදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කළ හැකිය.
  4. වකුගඩු බද්ද කිරීමේ සැත්කම සඳහා භාජනය වන සාමාජිකයෙකු අදාළ සැත්කමේ වර්ගය හා එහි වියදම පිළිබඳව සඳහන් වන ලිපියක් අදාළ ආරෝග්‍යශාලාව වෙතින් ලබාගෙන ඉදිරිපත් කළ යුතු වන්නේය.
  5. මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන අයදුම්පත් විධිමත් පරිදි සම්පූර්ණ කර අදාළ සැත්කමට පෙර හෝ සැත්කමෙන් පසු දින 90ක කාලයක් ඇතුළත මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
  6. අදාළ සැත්කම විදේශයකදී සිදු කරනු ලබන අවස්ථාවකදී, ශ්‍රී ලංකාවේ සිටින විශේෂඥ ‍ශල්‍ය වෛද්‍යවරයා/ කායික රෝග වෛද්‍යවරයා විසින් රෝගියා විදේශ රෝහලකට යොමු කරමින් නිකුත් කරන ලද ලිපිය සහ සැත්කමට වැය වූ මුළු වියදම සඳහාත් අදාළ විදේශ රෝහල විසින් නිකුත් කරන ලද සියලුම බිල්පත් නියමිත අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කල යුතුය.

    ★ මෙම ක්‍රමය යටතේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා වූ වියදම් සපුරා ගැනීම පිණිස රු. 300,000/-ක් වූ මූල්‍යාධාර ප්‍රදානය කෙරේ. වකුගඩුව ලබන තැනැත්තා (රෝගියා) පමණක් මෙම ප්‍රතිලාභ සඳහා හිමිකම් ලබන අතර, වකුගඩුව ප්‍රදානය කරන්නා සේ.නි.භා.අරමුදලේ සක්‍රීය සාමාජිකයෙකු වුවද මෙම ක්‍රමය යටතේ කවර හෝ ප්‍රතිලාභයක් ලබා ගැනීම පිණිස සුදුසුකම් නොලබයි.

"ශ්‍රම සුව රැකවරණ” රෝහල්ගත වීමේ වෛද්‍යාධාර ක්‍රමය

මෙය රෝහල්ගතවීමේ වියදම් ප්‍රතිපූරණයකර ගැනීම පිණිස සාමාජිකයන් සඳහා වූ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයකි.  මෙම ක්‍රමයට අදාළ කොන්දේසිවලට යටත්ව වසරකට රු.50,000/-ක් දක්වා වූ රෝහල්ගතවීමේ වියදම් සඳහා හිමිකම් ඉල්ලා සිටීමට සාමාජික සාමාජිකාවන් සුදුසුකම් ලබයි.

නීති සහ කොන්දේසි

  1. සුදුසුකම් ලැබීමට නම්, සාමාජිකයින් අවම වශයෙන් වසර පහක් වත් අරමුදලට දායක විය යුතුය. සාමාජිකයා ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කරන විට මෙම වසර පහක කාලය සම්පූර්ණ වී තිබිය යුතුය. සේවා කාලය තුළදී එක් එක් සාමාජිකයාට උපරිම ප්‍රතිලාභය රුපියල් 50,000/= කි.

  2. සාමාජිකයෙකු අවම වශයෙන් පැය 48ක කාල සීමාවක් සඳහා රෝහල් ගතවී සිටිය යුතුය.
  3. සියලුම රජයේ රෝහල්, රජයේ ‍ආයුර්වේද රෝහල් සහ මණ්ඩලය සමඟ ලියාපදිංචිව සිටින අනුමැතිය ලත් පෞද්ගලික රෝහල් වෙතින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන.
  4. රෝහලෙන් මුදාහැරි දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.
  5. රජයේ රෝහලක අභ්‍යන්තර රෝගියෙකු ලෙස සිට ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් දෛනිකව ගෙවනු ලබන රු. 1000/-ක මුදල ගෙවිය හැක්කේ දින 10ක කාලයක් සඳහා පමණි.

විශේෂ කොන්දේසි ▷ පහත දැක්වෙන අසනීප / රෝග සම්බන්ධ වියදම්, ප්‍රතිපූරණය සඳහා සලකනු නොලැබේ.

  1. සියදිවි හානිකර ගැනීමට තැත් කිරීම නිසා හටගත් රෝගී තත්ව සඳහා වූ ප්‍රතිකාර
  2. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් උද්ගතවන රෝගී තත්ව සඳහා ප්‍රතිකාර
  3. ලිංගික වශයෙන් සම්ප්‍රේෂණය වන රෝග හා ඒඩ්ස් රෝගය
  4. මානසික රෝග

අවශ්‍ය ලිපි ලේඛන

  1. රෝහල විසින් නිකුත් කරන ලද සියලුම බිල්පත්වල හා කුවිතාන්සිවල මුල් පිටපත්
  2. සේවා යෝජක විසින් සහතික කරන ලද රජයේ හෝ පෞද්ගලික රෝහල් නිකුත් කළ රෝග නිශ්චය කාඩ්පතෙහි ඡායා පිටපතක්.
  3. ජාතික හැදුනුම්පතෙහි සහ බැංකු පාස් පොතෙහි (අදාළ ගිණුම් හිමියා, බැංකුව හා එහි ශාඛාව යනාදී විස්තර දැක්වෙන පරිදි) සේවා යෝජක විසින් සහතික කරන ලද පිටපතක්.
  4. සේවා යෝජක, රක්ෂණ සමාගම් හෝ වෙනත් ආයතන වෙතින් රෝහල්ගතවීමේ ගාස්තු ප්‍රතිපූරණය කර ගැනීම සඳහා සාමාජිකයා හිමිකම් ලබා ඇත්නම්, එසේ ප්‍රතිපූරණය කරනු ලබන මුදල් ප්‍රමාණය සඳහන් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

“වියන” නිවාස ණය ක්‍රමය

මෙම ණය ක්‍රමය යටතේ සහනදායී පොලී අනුපාත මත සේවක සේවිකාවන්ට NDB බැංකුව වෙතින් නිවාස ණය ලබාගත හැකිය.  මෙම ණය ක්‍රමය සම්බන්ධයෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සහ NDB බැංකුව නිශ්චිත කොන්දේසි මාලාවක් පනවා තිබේ.

නීති සහ කොන්දේසි

  1. මෙම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා වූ මූලික අවශ්‍යතාවය වනුයේ අරමුදලේ සාමාජිකත්වය අඛණ්ඩව වසර පහක් මුළුල්ලේ පවත්වාගෙන යාමයි
  2. ණය මුදලෙහි අවමය රු.100,000/-ක් වන අතර එහි උපරිම සීමාව රු. 2,500,000/-ක් වේ.
  3. NDB බැංකුව අංක 40, නවම් මාවත, කොළඹ 02. දරන ස්ථානයෙහි පිහිටා ඇත. නිවාස මිලදී ගැනීම සඳහාත්, නිවාස ඉදිකර ගැනීම සඳහාත්, පවත්නා නිවාස තවදුරටත් පුළුල් කර ගැනීම සඳහාත්, නිවාසවල අලුත්වැඩියා කටයුතු සඳහාත් එමෙන්ම අනෙකුත් ණය දෙන ආයතනවලින් ලබාගත් නිවාස ණය බේරා ගැනීම සඳහාත් සේ.නි.භා.අරමුදලේ සක්‍රීය සාමාජික සාමාජිකාවන්ට ණය සැපයේ
  4. මෙම ණය ක්‍රමයට අදාළ කොන්දේසි සංශෝධනය කිරීමේ අයිතිය NDB බැංකුව හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සතුය.

ණය මුදල් ලබාගැනීමට හැකි කරුණු

  1. නිවසක් මිලදී ගැනීම
  2. නිවසක් අලුත්වැඩියා කිරීම
  3. නිවසක් තවදුරටත් පුළුල් කිරීම
  4. නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම

අදාළ පොලී අනුපාත

  1. රු.100,000.00 සිට රු. 250,000.00 දක්වා 10.00%
  2. රු.250,001.00 සිට රු. 750,000.00 දක්වා 11.00%
  3. රු.750,001.00 සිට රු. 2,500,000.00 දක්වා 12.00%

ණය මුදලේ සීමාවන්

සාමාජික ගිණුමේ ශේෂයලබාගත හැකි ණය මුදල් ප්‍රමාණය
රු. 25,000.00 – 49,999.00රු. 250,000.00
රු. 50,000.00 – 74,999.00රු. 250,001.00 – 750,000.00
රු. 75,000.00 or higherරු. 750,001.00 – 2,500,000.00

විශේෂ කොන්දේසි

  1. ණය මුදල අයදුම්කරන අවස්ථාව වන විට අදාළ සාමාජිකයා දායක මුදල් ගෙවමින් සිටින්නෙකු විය යුතු අතර, සක්‍රීය සාමාජිකයෙකු ලෙස වසර පහක කාලයක් සපුරා සිටිය යුතුය
  2. ණය මුදල ගෙවා සම්පූර්ණයෙන් පියවන තෙක් සාමාජිකයාගේ පුද්ගල ගිණුමට බැරව පවත්නා දායක මුදල් ආපසු ලබාගත නොහැකිය.
  3. ණය අයදුම්පත් නිකුත් කිරීම සහ භාර ගැනීම NDB බැංකුවේ ප්‍රධාන කාර්යාලය හෝ එහි ශාඛා මගින් සිදු කෙරෙනු ඇත.