සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය කෙටි පණිවිඩ යැවීම මගින් සාමාජිකයාට ⁄ හිමිකම් පාන්නාට දැනුම් දිය යුතු යම් යම් අවස්ථාවල තත්ත්වයන් එම සාමාජිකයාට ⁄ හිමිකම් පාන්නාට දැනුම් දීමට අමතරව එම සාමාජිකයාට ⁄ හිමිකම් පාන්නාට වර්තමාන තත්ත්වය ශ්රී ලංකා ද්වාරයේ (
www.srilanka.lk) ලබාදී ඇත්තාවූ මාර්ගගත සේවාව හරහා හෝ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වෙබ් අඩවියෙහි ඇති
හිමිකම් ඉල්ලුම් කිරීමෙහි තත්වය යොදාගෙන හෝ නිරීක්ෂණය කළ හැක.
තවද සාමාජිකයෙකුට ⁄ හිමිකම් පාන්නකුට හිමිකම් පෑමේ ඉල්ලුමෙහි තත්ත්වය හිමිකම් ඉල්ලුම් කිරීමේ ඉල්ලුම් පත්රයේ ලබාදුන්නාවූ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ හරහා 1919 ට කෙටි පණිවිඩයක් පහත ආකාරයට යැවීම මගින් නිරීක්ෂණය කළ හැක.
1919 ට ETF < හිස්තැනක් > CHK < හිස්තැනක් > ‘හිමිකම් ඉල්ලුම් යොමු අංකය’