ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ

පොළිය සහ ලාභාංශ සමඟ අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීම

අරමුදල් ශේෂය ඉල්ලුම්කිරීමට අනිවාර්ය වයස සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ඇති සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) මෙන් නොව සේ..භා.අ. සාමාජිකයන් තම අරමුදල් ශේෂය ආපසු ලබාගැනීමට නිශ්චිත වයසක් සම්පූර්ණ කරන තුරු සිටිය යුතු නැත. කෙසේ වුවද පහත සඳහන් කරුණු පිළිබඳ සැළකිලිමත් විය යුතුය.

මෙම රීතිය සම්බන්ධයෙන් ඇති ව්‍යතිරේකයන් පහත දැක්වේ.

මුදල් ආපසු ගැනීමට ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය උපදෙස්

සාමාජිකයන් රැකියාවක නියුතුව සිටියදී ඔවුන් වසර පහක සේවා කාලයන් සම්පූර්ණ කර තිබියදී වුවද වර්තමාන සේවා යෝජකයා වෙතින් ලැබී ඇති දායක මුදල් වලින් යුක්තවන අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කළ නොහැකිය.

ඉල්ලා ඇති මුදල් ගෙවීමේ ක්‍රම

  • සාමාන්‍ය ක්‍රමය

    වාර්තා ලැබී තිබීම සහ අවශ්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කිරීම යන කරුණුවලට යටත්ව වැඩකරන දින 21ක් ඇතුළත ඉල්ලා ඇති මුදල් ගෙවීම් කරනු ලැබේ.

  • විශේෂ ක්‍රමය

    හදිසි කරුණක් උදාහරණ වශයෙන් වෙනත් රටකට යාම, අසනීප විම /සැත්කමක් සිදු කිරීම, උගස් භාණ්ඩ බේරාගැනීම, මංගල උත්සව, අධ්‍යාපනය සඳහා වියදම් ආදිය වැනි පවුලේ වියදම් තහවුරු කෙරෙන ලේඛනගත සාක්‍ෂි ඉදිරිපත් කිරීමේ කරුණට යටත්ව වැඩකරන දින 14ක් ඇතුලත ඉල්ලා ඇති මුදල් ගෙවීම් කරනු ලැබේ.

  • ඉල්ලා ඇති මුදල් කඩිනමින් ගෙවීමේ ක්‍රමය

    ඉල්ලා ඇති මුදල් වැඩ කරන දින දෙකක් ඇතුළත ගෙවනු ලැබේ. අදාල ඉල්ලුම්පත් භාර ගැනීමට පෙර දායක මුදල් සහ අදාල වාර්තා මණ්ඩලය වෙත ලැබී තිබෙන බවට සහතික වශයෙන් දැනගත යුතුය. ඉල්ලුම් කරන මුදලේ වටිනාකම අනුව එක් එක් මුදල් ප්‍රමාණය සඳහා රාජකාරිමය වශයෙන් සේවා ගාස්තුවක් අයකරනු ලැබේ.

ඉල්ලුම්කරන මුදලේ වටිනාකම ගාස්තුව
රු. 100,000.00 දක්වා
රු. 1,000.00
රු. 100,001.00 සිට රු. 1,000,000.00 දක්වා
රු.. 2,000.00
රු. 100,001.00 සිට රු. 1,000,000.00 දක්වා
රු. 3,000.00

මෙම පදනම මත භාරගනු ලබන ඉල්ලුම්පත් ප්‍රමාණය දිනකට ඉල්ලුම්පත් 65 කට සීමා කෙරේ.

මුදල් ආපසු ගැනීමේ ඉල්ලුම්පත් මණ්ඩලයේ පහත සඳහන් කාර්යාල වලදී භාරගෙන ඒ පිළිබඳව අදාල කටයුතු කරනු ලැබේ.

කෙසේ වුවද මුදල් ආපසු ගැනීමේ ඉල්ලුම්පත් මණ්ඩලයේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල වෙතද භාරදිය හැකිය.