බලය ක්‍රියාත්මක කරන හා නඩු පවරන නිළධාරීන් විසින් වගකීම් පැහැර හරින හා දායක මුදල් නොගෙවන සේවා යෝජකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබයි. 1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත සහ එහි සංශෝධන වල සඳහන් පරිදි අරමුදලට දායක මුදල් ගෙවීමට බැඳී සිටින සෑම සේවා යෝජකයෙක්ම නියමිත වේලාවට එම අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය. එසේ නොකළ හොත් බලය ක්‍රියාත්මක කරන හා නඩු පවරන නිළධාරීන් විසින් එම වගකීම පැහැර හරින සහ දියක මුදල් නොගෙවන සේවා යෝජකයන්ට එරෙහිව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගනිමින් අමතර අධිභාරයක්ද සමඟ එකී මුදල් අය කර ගැනීමට කටයුතු කරනු ඇත.
දායක මුදල් අඩුවෙන් ගෙවන හෝ නොගෙවන අවස්ථාවකදී එයට එරෙහිව, ඕනෑම සේවකයෙකුට දිවුරුම් පෙත්සමක් සමඟ ලිඛිත ලියවිල්ලක් සභාපතිවරයාට සාමාන්‍යාධිකාරිවරයාට හෝ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට හෝ ඕනෑම ප්‍රාදේශීය ව්‍යාපාර කළමනාකරුවෙකුට ඉදිරිපත් කළ හැකිය. සේවකයන්ට තම සේවා යෝජකයාට එරෙහිව සිදු කරන පැමිණිලි ලිපි, ඊ මේල් මගින් හෝ පෞද්ගලිකව පැමිණ සේ.නි.භා.අ. නිළධාරීන්ට ඉදිරිපත් කළ හැකිය. සේ.නි.භා.අ.ම. මගින් නිකුත් කරන නියෝග වලට අනුකූලව කටයුතු නොකළ හොත් සේවකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා අදාල සේවා යෝජකයන්ට එරෙහිව නිතිමය පියවර ගනු ලැබේ.