ස්වයං රැකියාවල නියුතු සාමාජිකයින් – පොදු ප්‍රශ්න

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල යනු කුමක්ද?

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල යනු ව්‍යවස්ථාපිත මණ්ඩලයකි.   එයමුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.  මෙම ආයතනයේ සක්‍රීය සාමාජිකයන්ට සුභ සාධන ප්‍රතිලාභ ලබා දෙයි.

 

මෙම ආයතනයේ ස්වයංරැකියා සාමාජිකත්වය ලබාගන්නේ කෙසේද?

මෙම අරමුදලේ සාමාජිකත්වය ලබා ගැනීමටපළමු මස දායක මුදල් සමඟ නිසි පරිදි පුරවන ලද ආකෘති පත්‍රය ප්‍රධාන කාර්යාලයට එවිය යුතුය.  මාසික දායක මුදල රe(200/-ක් හෝ ඊට වැඩි විය යුතුය.

සාමාජිකත්වය ලබා ගැනීමට අයදුම්පතක් ලබා ගත හැකි ස්ථානය කුමක්ද?

මෙම අයදුම්පත් ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශාඛා කාර්යාල වලින් හෝ අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි වේ.

මාසික දායක මුදල් ගෙවීම් කල යුතු අවසාන දිනයක් හෝ කාලසීමාවක් තිබේද?

මාසික දායක මුදල ඊලඟ මාසයේ අවසාන දින හෝ ඊට පෙර ගෙවිය යුතුය.

උදාහරණයක් මගින් පැහැදිලි කල හැකිද?

උදාහරණයක් ලෙස ඔබගේ අප්‍රේල් මස දායක මුදල ඊලඟ මාසයේ අවසාන දින හෝ ඊට පෙර ගෙවිය හැකිය.

 

සාමාජික මුදල් කලින් තැන්පත් කල හැකිද?

ඔව්.ඉදිරි මාස දෙක තුනක හෝ ඉදිරි අවුරeදු සඳහා සාමාජික මුදල් කලින් තැන්පත් කළ හැකි වේ.

අවම සාමාජික මුදල වන රe(200/-ට වැඩි මුදලක් ගෙවීමෙන් වැඩිපුර ප්‍රතිලාභ ලබා ගත හැකිද?

නැහැ. ප්‍රතිලාභ ඔබ ගෙවන සාමාජික මුදල මත පදනම් නොවේ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වයෙන් ඉවත් වීමේදී ලබා ගත් ප්‍රතිලාභ සඳහා තැන්පත් මුදලින් කුමන හෝ මුදලක් අඩු කරන්නේද?

නැහැ. ඔබ සියලුම වරප්‍රසාද භුක්ති විඳ තිබුණද ඔබ ගෙවූ සියලුම මුදල් හා එයට අදාල පොළිය ඔබට ලබා ගත හැක.

මෙවැනි ප්‍රතිලාභ යෝජනා ක්‍රම සාමාජිකයන්ට ලබා දීම තුලින් මණ්ඩලය බලාපොරොත්තු වන්නේ කුමක්ද?

මණ්ඩලයේ අරමුණ වන්නේ ස්වයංරැකියා හා සංක්‍රමණික සේවකයන්ගේ අනාගත අවශ්‍යතා සඳහා වර්තමාන ඉතිරිකිරීම් දිරිගැන්වීමයි.

 

මාසික සාමාජික මුදල් ගෙවීම් කරන්නේ කෙසේද?

දායක මුදල් ගෙවීම් මුදල් මගින් සිදුකරන්නේ නම් සියලුම මහජන බැංකු ශාඛාවලින්ද, චෙක්පත් මගින් ගෙවීමේදී එම චෙක්පත් තැපැල් මගින් මණ්ඩලයට එවීමෙන් හෝ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිළධාරීන්ට භාර දීමෙන් කල හැකි වේ. මහජන බැංකු ශාඛා හරහා මුදල් මගින් ගෙවීමේදී ඔබ මතක තබා ගත යුතු කරeණක් වන්නේ මුදල් ගෙවීමට පළමුව මණ්ඩලයේ ස්වයංරැකියා අංශයේ සාමාජිකත්වය ලබා ගැනීමයි. ඔබ මුදල් වලින් ගෙවීමේදී ඔබගේ නම හාජාතික හැඳුනුම්පත් අංකය ගෙවීම් ආකෘතියේ සටහන් කිරීමට අමතක නොකරන්න.
(මහජන බැංකුවේ අපගේ ගිණුම් අංකය:119100180000287)

චෙක්පත් මගින් ගෙවීම් කිරීමේදී රේඛනය කළ යුත්තේ කෙසේද?

චෙක්පත් මගින් ගෙවීම් කරන විට “සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය“  ලෙස රේඛනය කල යුතුය.

සාමාජිකත්වය අවසන් කල අයෙකු හට නැවත සාමාජිකත්වය ලබා ගත හැකිද?

නැවතසාමාජිකත්වය ලබා ගත හැකිය.