සේ.නි.භා.අ. පනත සහ සංශෝධන ප්‍රධාන පනත
1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත (1980 ඔක්තෝබර් මස 29 වැනි දින සහතික කරන ලදි.
“සේවා යෝජකයා” යන්නෙන් කිසියම් කම්කරුවෙක සේවයේ යොදවන හෝ තමා වෙනුවෙන් වෙනත් කිසියම් පුද්ගලයකු විසින් කිසියම් කම්කරුවෙකු සේවයේ යොදවන කිසියම් පුද්ගලයකු අදහස් වන අතර ඊට සේවා යෝජකයන්ගේ ආයතනයක් (එය වෙළඳ ව්‍යාපාරයක්, සමාගමක්, සංස්ථාවක් හෝ වෘත්තීය සිමිතියක්) ද කිසියම් පුද්ගලයකු වෙනුවෙන් කම්කරුවෙකු සේවයේ යොදවන කිසියම් පුද්ගලයකු ද කිසියම් ලිඛිත නීතියක් යටතේ රජයට පැවරුණු වෙළඳ ව්‍යාපාරයක නිසිබලධරයාද සමාගමක නීත්‍යානුකූල හිමිකරුවා, අනුප්‍රාප්තිකයා, පොල්ම:කාරයා හෝ අද්මිනිස්ත්‍රාසිකාරයා සහ ඈවරකරුවා ද සංස්ථාපිත නොකළ ආයතනයක් සම්බන්ධයෙන් වන කල්හි එකී ආයතනයේ සභාපති හෝ ලේකම් ද හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් වන කල්හි කළමනාකරණය කරනු ලබන හවුල්කරුවා හෝ කළමනාකරු ද ඇතුළත් වේ.
“සේවකයා” යන්නෙන් ප්‍රකාශිත හෝ වටහාගත හැකි හෝ වාචික හෝ ලිඛිත හෝ වුවද සේවා ගිවිසුමක් හෝ ආධුනිකත්ව ගිවිසුමක් හෝ කිසියම් කම්කරු කාර්යයක් පෞද්ගලිකව ඉටුකිරීමට ඇති ගිවිසුමක් හෝ වුවද සේවා යෝජකයා සමඟ කවර හෝ තත්ත්වයකින් එවැනි ගිවිසුමකට එළඹ සිටින හෝ එවැනි ගිවිසුමක් යටතේ සේවය කරන කිසියම් තැනැත්තෙකු අදහස් වන අතර යම් කාලසීමාවක සේවයේ නියුතු හෝ සේවයේ නියතු නොවූවද එවැනි ගිවිසුමක් යටතේ සාමාන්‍යයෙන් සේවයේ යොදවා ඇති යම් තැනැත්තෙකු ඊට ඇතුළත් වේ.
“ඉපයීම්” යන්න සේවා නියුක්තයින්ගේ අර්‍ථ සාධක අරමුල් පනතේ (47 වැනි වගන්තියේ) අර්‍ථ නිරූපනය කර ඇති පරිදි ම වේ. සේ.නි.භා.අ. ගණනය කිරීමේදී පහත දැක්වෙන ගෙවීම් සහ දීමනා සැළකිල්ලට ගනු ලැබේ.
සේ.අ.අ. මෙන් නොව සේ.නි.භා.අරමුදලේ දායක මුදල් ගෙවීමට පෙර ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියක් නොමැත. | |
ව්‍යාපාරයක් ආරම්භ කර පළමු සේවකයා බඳවා ගන්නා ලද කිසියම් සේවා යෝජකයෙකුගේ පළමු සහ ප්‍රධාන වගකීම වන්නේ කම්කරු කොමසාරිස් ජනරාල් යටතේ ලියාපදිංචි වී එම සේවා නියුක්තිය සඳහා ලියාපදිංචි අංකයක් ලබා ගැනීමයි. | |
කම්කරු දෙපාර්‍තමේන්තුවෙන් ලියාපදිංචි අංකය ලැබුණු පසු සේ.නි.භා. අරමුදලට ගෙවිම් සිදුකිරීම සඳහා අදාළ ආකෘතිපත්‍ර සහ උපදෙස් ලබා ගැනීම පිණිස සේවායෝජකයා විසින් සේ.නි.භා.අ. කාර්‍යාලයට ලිඛිතව ඒ පිළිබඳ දැනුම් දීම හෝ පෞද්ගලිකවම එකී කාර්‍යාලයට යෑම සිදු කළ යුතුය. | |
සේ.නි.භා.අ. මණ්ඩලයට පළමු දායක මුදල ලැබුණු පසු එම සේවා යෝජකයා සේ.නි.භා.අ. “දායක මුදල් ගෙවනු ලබන සේවායෝජකයින්” ගේ ලයිස්තුවට ඇතුළත් කර ගනු ලැබේ. | |
අනුමත අර්ථසාධක අරමුදල්වලට දායක මුදල් ගෙවනු ලබන සේවකයින් සඳහා සේ.නි.භා.අ. විසින් වෙනම අංකයක් ලබා දෙනු ලැබේ. එවැනි සේවායෝජකයන් විසින් එම අංකය සියලුම මාසික ප්‍රේෂණ ආකෘතිපත්‍ර වල අර්ධ වාර්ෂික වාර්තාවල සහ අනෙකුත් ලිපිලේඛන වල සඳහන් කළ යුතුය. |
පළමු අර්ධ වාර්ෂිකය | – අදාල වර්ෂයේ අගෝස්තු 31 දින හෝ ඊට පෙර |
දෙවන අර්ධ වාර්ෂිකය | – පසුව එළඹෙන වර්ෂයේ පෙබරවාරි අවසාන දින හෝ ඊට පෙර |