සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල 1980 අංක 46 දරණ සේ.නි.භා.අ. පනතෙහි විධිවිධාන යටතේ 1981 මාර්තු 01 වැනි දින ස්ථාපිත කරන ලදි. මෙම අරමුදල සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් පාලනය කරනු ලබන අතර වර්තමානයේදී සේ.නි.භා.අ. මණ්ඩලය, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය භාර ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ ක්‍රියාත්මක වේ. මෙකී පනතේ විධිවිධාන ගරු අමාත්‍යතුමා විසින් නිකුත් කරනු ලදුව ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගයක සඳහන් කර ඇති ආකාරයට රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ කිසියම් පංතියකට හෝ ඛාණ්ඩයකට අයත් රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ සෑම ව්‍යාපාරයක් සම්බන්ධයෙන්ම අදාල වේ. ස්වයං රැකියාවල නියුක්ත පුද්ගලයන්ට හා සංක්‍රමික සේවකයන්ට ද මෙම අරමුදලට දායක විය හැකි අතර එහි සාමාජිකත්වය ලබා ගත හැකිය. වර්තමානය වන විට අරමුදලේ ක්‍රියාකාරී සාමාජිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 2.6ක් පමණ වන අතර එකී ප්‍රමාණය සේවායෝජකයින් 79,000කින් ආවරණය කරනු ලබයි. 2019 දෙසැම්බර් 31 දින වන විට අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 339 ක් පමණ විය. සේ.නි.භා.අ. මණ්ඩලයේ කටයුතු විමධ්‍යගත කිරීම පිණිස සහ සාමාජිකයන්ට වඩා යහපත් සේවාවක් ලබා දෙනු පිණිස 1995 වර්ෂයේදී සේ.නි.භා.අ. මණ්ඩලය විසින් ශාඛා ජාලයක් හඳුන්වා දෙන ලදි.

සේ.නි.භා.අ. පනත සහ සංශෝධන ප්‍රධාන පනත

සේ.නි.භා.අ. පනත සහ සංශෝධන ප්‍රධාන පනත
1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත (1980 ඔක්තෝබර් මස 29 වැනි දින සහතික කරන ලදි.

ප්‍රධාන පනත සංශෝධනය කිරීම්

පනත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදන

මණ්ඩලයේ අරමුණු

සේ.නි.භා.අ. පනත මගින් ආවරණය වන සේවකයන්

පහත සඳහන් ඛාණ්ඩවලට අයත් සේවකයන් සේ.නි.භා.අ. පනත මගින් ආවරණය නොකෙ‍රේ. (අංක 171/2 හා 1981/12/14 දරණ අති විශේෂ ගැසට් නිවේදනය)

සේ.නි.භා.අ. පනත මගින් ආවරණය වන සේවකයන්

සේවා යෝජකයා පිළිබඳ අර්ථ නිරූපනය

“සේවා යෝජකයා” යන්නෙන් කිසියම් කම්කරුවෙක සේවයේ යොදවන හෝ තමා වෙනුවෙන් වෙනත් කිසියම් පුද්ගලයකු විසින් කිසියම් කම්කරුවෙකු සේවයේ යොදවන කිසියම් පුද්ගලයකු අදහස් වන අතර ඊට සේවා යෝජකයන්ගේ ආයතනයක් (එය වෙළඳ ව්‍යාපාරයක්, සමාගමක්, සංස්ථාවක් හෝ වෘත්තීය සිමිතියක්) ද කිසියම් පුද්ගලයකු වෙනුවෙන් කම්කරුවෙකු සේවයේ යොදවන කිසියම් පුද්ගලයකු ද කිසියම් ලිඛිත නීතියක් යටතේ රජයට පැවරුණු වෙළඳ ව්‍යාපාරයක නිසිබලධරයාද සමාගමක නීත්‍යානුකූල හිමිකරුවා, අනුප්‍රාප්තිකයා, පොල්ම:කාරයා හෝ අද්මිනිස්ත්‍රාසිකාරයා සහ ඈවරකරුවා ද සංස්ථාපිත නොකළ ආයතනයක් සම්බන්ධයෙන් වන කල්හි එකී ආයතනයේ සභාපති හෝ ලේකම් ද හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් වන කල්හි කළමනාකරණය කරනු ලබන හවුල්කරුවා හෝ කළමනාකරු ද ඇතුළත් වේ.

සේවකයා පිළිබඳ අර්ථ නිරූපනය

“සේවකයා” යන්නෙන් ප්‍රකාශිත හෝ වටහාගත හැකි හෝ වාචික හෝ ලිඛිත හෝ වුවද සේවා ගිවිසුමක් හෝ ආධුනිකත්ව ගිවිසුමක් හෝ කිසියම් කම්කරු කාර්යයක් පෞද්ගලිකව ඉටුකිරීමට ඇති ගිවිසුමක් හෝ වුවද සේවා යෝජකයා සමඟ කවර හෝ තත්ත්වයකින් එවැනි ගිවිසුමකට එළඹ සිටින හෝ එවැනි ගිවිසුමක් යටතේ සේවය කරන කිසියම් තැනැත්තෙකු අදහස් වන අතර යම් කාලසීමාවක සේවයේ නියුතු හෝ සේවයේ නියතු නොවූවද එවැනි ගිවිසුමක් යටතේ සාමාන්‍යයෙන් සේව‍යේ යොදවා ඇති යම් තැනැත්තෙකු ඊට ඇතුළත් වේ.

සේ.නි.භා.අ. පනත මගින් ආවරණය වන ඉපයීම්

“ඉපයීම්” යන්න සේවා නියුක්තයින්ගේ අර්‍ථ සාධක අරමුල් පනතේ (47 වැනි වගන්තියේ) අර්‍ථ නිරූපනය කර ඇති පරිදි ම වේ. සේ.නි.භා.අ. ගණනය කිරීමේදී පහත දැක්වෙන ගෙවීම් සහ දීමනා සැළකිල්ලට ගනු ලැබේ.

සේ.නි.භා.අ. සඳහා සේවා යෝජකයින් ලියාපදිංචි කිරීම

සේ.අ.අ. මෙන් නොව සේ.නි.භා.අරමුදලේ දායක මුදල් ගෙවීමට පෙර ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියක් නොමැත.
ව්‍යාපාරයක් ආරම්භ කර පළමු සේවකයා බඳවා ගන්නා ලද කිසියම් සේවා යෝජකයෙකුගේ පළමු සහ ප්‍රධාන වගකීම වන්නේ කම්කරු කොමසාරිස් ජනරාල් යටතේ ලියාපදිංචි වී එම සේවා නියුක්තිය සඳහා ලියාපදිංචි අංකයක් ලබා ගැනීමයි.
කම්කරු දෙපාර්‍තමේන්තුවෙන් ලියාපදිංචි අංකය ලැබුණු පසු සේ.නි.භා. අරමුදලට ගෙවිම් සිදුකිරීම සඳහා අදාළ ආකෘතිපත්‍ර සහ උපදෙස් ලබා ගැනීම පිණිස සේවායෝජකයා විසින් සේ.නි.භා.අ. කාර්‍යාලයට ලිඛිතව ඒ පිළිබඳ දැනුම් දීම හෝ පෞද්ගලිකවම එකී කාර්‍යාලයට යෑම සිදු කළ යුතුය.
සේ.නි.භා.අ. මණ්ඩලයට පළමු දායක මුදල ලැබුණු පසු එම සේවා යෝජකයා සේ.නි.භා.අ. “දායක මුදල් ගෙවනු ලබන සේවායෝජකයින්” ගේ ලයිස්තුවට ඇතුළත් කර ගනු ලැබේ.
අනුමත අර්ථසාධක අරමුදල්වලට දායක මුදල් ගෙවනු ලබන සේවකයින් සඳහා සේ.නි.භා.අ. විසින් වෙනම අංකයක් ලබා දෙනු ලැබේ. එවැනි සේවායෝජකයන් විසින් එම අංකය සියලුම මාසික ප්‍රේෂණ ආකෘතිපත්‍ර වල අර්ධ වාර්ෂික වාර්තාවල සහ අනෙකුත් ලිපිලේඛන වල සඳහන් කළ යුතුය.

 

සාමාජිකයන්ට අංක ලබා දීම

දායක මුදල් ගෙවීමේ ක්‍රියාපටිපාටිය

පළමු අර්ධ වාර්ෂිකය   – අදාල වර්ෂයේ අගෝස්තු 31 දින හෝ ඊට පෙර
දෙවන අර්ධ වාර්ෂිකය – පසුව එළඹෙන වර්ෂයේ පෙබරවාරි අවසාන දින හෝ ඊට පෙර