සේ.නි.භා.අ. මණ්ඩලය පිළිබඳව

සේ.නි.භා.අ. මණ්ඩලය 1980 අංක 46 දරණ පනත මගින් ස්ථාපිත කරන ලද අතර එහි කටයුතු 1981 මාර්තු මස පළමුවෙනි දින සිට ආරම්භ කර කම්කරු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. දැනට එය මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය භාර ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ ක්‍රියාත්මක වේ. රජයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට හිමිකම් නොකියන සියළු රාජ්‍ය සේවකයන් සහ පුද්ගලික අංශයේ සේවකයන් මෙම අරමුදලේ සාමාජිකයන් වන අතර ඔවුන්ගේ සේවායෝජකයින් විසින් සිය සේවකයින්ගේ දළ ඉපයීම්වලින් 3%ක් මාසිකව මෙම අරමුදලට ප්‍රේෂණය කළ යුතුය. එමනිසා මෙය සේවක අර්ථසාධක අරමුදල මෙන් නොවේ. මෙහිදී සේවායෝජකයා විසින් සේවකයන්/සාමාජිකයන් වෙනුවෙන් දායක මුදල් ගෙවනු ලබයි. එසේ හෙයින් මෙය සාමාජිකයා විසින් දායකත්වයක් නොදක්වා ඔහු ලබන ප්‍රතිලාභයකි. පසුගිය වසර 39 ක කාලය තුලදී අරමුදල ශීඝ්‍ර ලෙස වර්ධනය වී, 2019 දෙසැම්බර් අවසාන වන විට එය රු. බිලියන 339ක් පමණ වූ අතර, මෙකී අරමුදලින් මිලියන 2.6ක පමණ ක්‍රියාකාරී සාමාජික පිරිසකට සේවය සපයන අතර එම සාමාජිකයන් වෙනුවෙන් සේවායෝජකයෝ 79,000ක් පමණ දායක මුදල් සපයති.

අපගේ දැක්ම

 ආයතනික විශිෂ්ටත්වය තුළින් සමස්ත පාර්ශවකරුවන් සඳහා වූ ඉහළම ක්‍රියාකාරීත්වයෙන් හා තිරසාරත්වයෙන් හෙබි ප්‍රමුඛ භාරයක් බවට පත්වීම.

අපගේ මෙහෙවර

සාමාජිකයන් වෙත පුළුල් පරාසයක පැතිර ගිය මූල්‍ය ප්‍රතිලාභ හා විශිෂ්ටත්වයෙන් යුත් ගනුදෙනුකාර සේවයක් සලසන අතිශය සුහදශීලී හා විචක්ෂණශීලී භාරයක් වීම.

මණ්ඩලය විසින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්

  • සේවායෝජකයන්ගෙන් දායක මුදල් එකතු කර ගැනීම
  • එම අරමුදල් ඥානාන්විත ලෙස ආයෝජනය කිරීම
  • සාමාජිකයින්ට සමාජ සහ සුභසාධන ප්‍රතිලාභ රැසක් ලබාදීම සහ ප්‍රතිලාභ මුදල් ගෙවීම
  • දායක මුදල් නොගෙවන සේවායෝජකයින් සොයා ගැනීම සහ අධිභාර ආදායම් එකතු කිරීම ඇතුළු නීතිමය කටයුතු සහ අදාල නීති කටයුතු ක්‍රියාත්මක කිරීම
  • සාමාජික ගිණුම් පවත්වාගෙන යාම සහ සාමාජිකයන් පිළිබඳ වාර්ෂික ප්‍රකාශන නිකුත් කිරීම
  • අරමුදලින් ඉපැයූ ලාභය මත පදනම්ව වාර්ෂිකව සාමාජිකයන්ට ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම
  • ස්වයං රැකියාවන්හි නියුක්ත පුද්ගලයින් අරමුදලේ සාමාජිකයන් වශයෙන් ලියාපදිංචි කිරීම

අපගේ සාරධර්ම

✰ නිර්මාණශීලී, නවෝත්පාදක හා සේවයට කැපවූ කාර්යය මණ්ඩලය
✰ මහජන හිතකාමී සේවා පරිසරය
✰ උපස්ථම්භක ප්‍රතිපත්ති හා ක්‍රියාපිලිවෙත්
✰ විෂිශ්ඨ විධි හා කාර්යය පටිපාටි
✰ ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වය
✰ විශිෂඨ ගණුදෙනු කාර ප්‍රජා සමූහය

සාමාජික ප්‍රතිලාභ

මෙම අරමුදල පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ එහි සාමාජිකයන්ගෙන් දායක මුදල් අයකිරීමක් නොමැතිව එවුන්ට සුභසාධන ප්‍රතිලාභ ලබාදීම වන අතර මේ වන විට පහත සඳහන් ප්‍රතිලාභ යෝජනාක්‍රම 8ක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ප්‍රතිලාභ ප්‍රධානය කරනු ලබන්නේ සාමාජිකයාගේ ගිණුමේ ශේෂය පිළීබඳ නොසලකා වන අතර එසේ ගෙවූ ප්‍රතිලාභ වෙනුවෙන් ඔවුන්ගේ ගිණුමෙන්ද අඩුකිරීමක් සිදු නොකරයි. එමෙන්ම සාමාජිකයාගේ ගිණුමට සම්පූර්ණ පොලිය සහ අරමුදල විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ලාභාංශ ද බැරකරනු ලබයි.

ප්‍රධාන මෙහෙයුම්

ක්‍රියාකාරකම්

සේවායෝජකගෙන් ලද දායක මුදල්

ආයෝජන ආදායම්

අධිභාර ආදායම්

නීති බලාත්මක කිරීම් සහ නීත්‍යානුකූළගාස්තු ආපසු අයකරගැනීම

හිමිකම් ඉල්ලුම් ආපසු ගෙවීම

ප්‍රතිලාභ ඉල්ලුම් ගෙවීම

ශුද්ධ ලාභය

සාමාජික අරමුදලේ ප්‍රමාණය

Rs. Mn. ➤

රු. මිලි. ➤

රු. මිලි. ➤

රු. මිලි. ➤

රු. මිලි. ➤

රු. මිලි. ➤

රු. මිලි. ➤

රු. මිලි. ➤

රු. බිලි. ➤

2020

0
0
0
0
0
0
0
0

2019

0
0
0
0
0
0
0
0

2018

0
0
0
0
0
0
0
0
ක්‍රියාකාරකම් 2020 2019 2018
සේවායෝජකගෙන් ලද දායක මුදල්
රු. මිලි. ➤
26,751
26,751
25,282
ආයෝජන ආදායම්
රු. මිලි. ➤
33,706
31,659
28,340
අධිභාර ආදායම්
රු. මිලි. ➤
192
339
364
නීති බලාත්මක කිරීම් සහ නීත්‍යානුකූළගාස්තු ආපසු අයකරගැනීම
රු. මිලි. ➤
695
1,149
1,175
හිමිකම් ඉල්ලුම් ආපසු ගෙවීම
රු. මිලි. ➤
18,570
19,808
18,292
ප්‍රතිලාභ ඉල්ලුම් ගෙවීම
රු. මිලි. ➤
405
455
425
ශුද්ධ ලාභය
රු. මිලි. ➤
28,007
25,519
23,285
සාමාජික අරමුදලේ ප්‍රමාණය
රු. බිලි. ➤
375.2
339
306.4

සේ.නි.භා. අරමුදලේ 91%කට වඩා ආයෝජන පවත්නා වෙළඳපොල තත්ත්වය යටතේ සහතික කළ ඉහල ආදායමක් ලබමින් රජයේ සුරැකුම්පත් සඳහා ආයෝජනය කරනු ලැබේ. ව්‍යවස්ථානුකූලව මණ්ඩලය විසින් එහි සියළු සාමාජිකයන්ට වාර්ෂික ලාභාංශ සහ පොළියේ එකතුව ප්‍රකාශයට පත් කළ යුතු අතර එය 2019 වර්ෂ‍‍යේදී 8%ක් විය.

මණ්ඩලය ප්‍රාදේශීය කාර්යාල 19ක ජාලයක් කොළඹ, ගම්පහ, නුවර, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල, කෑගල්ල, හම්බන්තොට, අම්පාර, යාපනය, වවුනියාව, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රධාන නගරයන්හි ස්ථාපිත කර ඇත. මෙමගින් අදාල ප්‍රදේශය තුළ නීති බලාත්මක කිරීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කර ඇති අතර ආදායම ද වර්ධනය කර ඇත.

තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රධාන නවීකරණයන් පහත සඳහන් පරිදි සිදු කොට ඇත.

  1. සාමාජිකයන්ගේ අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීමට හැකිවන පරිදි ප්‍රධාන පරිගණක පද්ධතියේ තත්ත්වය ප්‍රමාණවත් ධාරිතාවයකින් යුක්තව ඉහළ නංවා ඇත.
  2. සියළුම ප්‍රාදේශීය කාර්යාල මාර්ග ගතව කටයුතු කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතියට සම්බන්ධ කොට ඇත.
  3. සාමාජිකයන්ට වඩාත් සුහදහීලී සේවයක් ලබා දිමට වගබලාගනු පිණිස මුදල් ඉල්ලුම් ගෙවීම් කටයුතු ප්‍රාදේශීය කාර්යාල 06 ක් (ගම්පහ, නුවර, කුරුණෑගල, මාතර, බදුල්ල සහ නුවරඑළිය) තුළ විමධ්‍යගතකොට ඇති අතර මෙම පහසුකම අනාගතයේදී අනෙකුත්ප්‍රාදේශීය කාර්යාල තුළද ව්‍යාප්ත කරනු ඇත.
  4. සේවා යෝජකයන්ට තම දායක මුදල් මාර්ගගතව (අන්තර්ජාල බැංකු ක්‍රමය තුළින්) ගෙවීම සඳහා වන පහසුකම් 2008 සැප්තැම්බර් මාසයේ පටන් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙය වූ කලි දායක මුදල් ලැබීමේ ක්‍රමවේදයේ ප්‍රධාන වර්ධනයක් වන අතර එය සේවායෝජකයින්ට වාසිදායක ක්‍රියාවලියකි.
  5. 2010 වර්ෂයේ සිට සියළුම ගිණුම් මාර්ගගත කිරීමට වගබලාගනු පිණිස සාමාජිකයින්ගේ ගිණුම් යාවත්කාලීන කරමින් පවතී.

ස්වයං රැකියාවන්හි නියුක්තිකයන් සාමාජිකයන් වශයෙන් වැඩිදුර අරමුදලට බඳවාගෙන ස්වයං රැකියා කටයුතු වර්ධනය කිරීම සඳහා මණ්ඩලය අවධානය යොමුකරමින් සිටී. මේ සඳහා ප්‍රධාන දිස්ත්‍රික් ආවරණය වන පරිදි ස්වයං රැකියා ප්‍රවර්ධන නිළධාරීන් පත් කොට ඇත. මෙහි පුධාන ඉලක්කගත කණ්ඩායම් වනුයේ සමෘද්ධිලාභීන්, කිරි ගොවියන්, පුවත්පත් නියෝජිතයින්, ලොතරැයි නියෝජිතයින් සහ ත්‍රීරෝද රථ රියදුරන්ය.

සේ.නි.භා.අ. මණ්ඩලය කොළඹ පිහිටි කාර්යාල සංකීර්ණයක් තවමත් නොමැතිව නාවල හා නාරාහේන්පිට යන ප්‍රදේශවල කුලියට ලබාගත් කාර්යාල 04ක එහි කටයුතු පවත්වාගෙන යනු ලබයි. සේ.නි.භා.අ., සේ.අ.අ. (කම්කරු දෙපාර්තමේන්තුවේ පිහිටි) සහ සේ.අ.අ. කොටසක් (මහ බැංකුවේ පිහිටි) එකම ස්ථානයකදී පවත්වාගෙන යාමට ඉඩ පහසුකම් ලබා දීම සඳහා නවීන කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂය තුළදී ආරම්භ විය.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට අයත් අක්කර 21/2 ක අගනා දේපලක් කොළඹ 02 නවම් මාවතේ තිබේ. එය මේ වන විට රථ වාහන නැවතුම් පළක් සඳහා බද්දට දී තිබෙන අතර එමගින් මාසිකව රු. මිලියන 1.5ක මුදලක් උපයයි. මෙය වාණිජ ව්‍යාපාරයක් වශයෙන් දියුණු කිරීම සඳහා ඒකාබද්ධ ව්‍යාපාර ව්‍යාපෘතියකට පිවිසිමට තිබෙන හැකියාව පිළිබඳව කරුණු විමසා බලමින් සිටී.