මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

සමාලෝචනය

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය සහ විසර්ජන පනත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, දේශීය හා විදේශීය ඉතුරුම් සහ ආයෝජන, රාජ්‍ය ණය, බැංකු, මුල්‍ය හා රක්‍ෂණ කටයුතු, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව සහ සමාජ ආරක්‍ෂාව සහ ආර්ථික සංවර්ධන කටයුතු මෙහෙයවීම සම්බන්ධව වගකීම්.

විෂයයන් සහ කාර්යයන්

  • නියමිත නීති, පනත් හා අණපනත් වලට අනුකූලව, ජාතික අයවැය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ආයෝඡනය සහ ජාතික සංවර්ධන වැඩ සටහන හා අනුකූලව අදාළ රාජ්‍ය අමාත්‍යාංශවලට ප්‍රතිපත්ති මාර්ගෝපදේශනය ලබා දීම සහ මුදල් විෂය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සැකසීම. රජය විසින් ක්‍රියාත්මක කරන ලද ජාතික ප්‍රතිපත්ති මත පදනම්ව “මහජන කේන්ද්‍රීය ආර්ථිකයක්” ඇති කිරීම සඳහා පහත සඳහන් දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන යටතේ විෂයයන් හා කාර්යයන් සම්බන්ධ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගයීම සහ ඒ අනුව ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ "සෞභාග්‍යය හා විභූතිය පිළිබඳ දෘෂ්ටිය"

  • දුප්පත්කම සහ ආර්ථික පුනර්ජීවනය තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් සියලු අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයෙන් සංවර්ධන කටයුතු සඳහා පහසුකම් සැලසීම.

විශේෂ ප්‍රමුඛතා