සේවා යෝජකයින් – පොදු ප්‍රශ්න

සෑම සේවායෝජකයෙකුම දායක මුදල් ගෙවිය යුතුද?

ඔව්. විශ්‍රාම වැටුප් ලබන සේවකයින් සේවය කරන රාජ්‍ය දෙපාර්තමේන්තුවක, පළාත් පාලන ආයතනයක හැර, රාජ්‍ය සංස්ථාවක, අධිකාරියක, මණ්ඩලයක සහ පෞද්ගලික ආයතන වල සිටින සේවකයින් වෙනුවෙන් සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය.

දායක මුදල් ගෙවීම් නිදහස් කරන අවස්ථා තිබේද?

ඔව්
 
(1)පවුලේ සාමාජිකයින් පමණක් පවත්වාගෙන යනු ලබන ආයතන.
(2)ව්‍යාපාර කටයුතු සඳහා අධ්‍යක්ෂවරeන් /හවුල්කරeවන්පමණක් සිටින ආයතන.



සේවායෝජකයන් විසින් දායක මුදල් ගෙවිය යුතු ප්‍රතිශතය සහ මාසිකව දායක මුදල් ගෙවිය යුතුද?

සියයට තුනක ප්‍රමාණයකි. සෑම සේවායෝජකයෙකුම තම සේවකයා වෙනුවෙන් මාසිකව දායක මුදල් ගෙවිය යුතුයි.

පහත සඳහන් සේවකයින් වෙනුවෙන් සේවායෝජකයින්ට දායක මුදල් ගෙවීමට නීතිමය හැකියාවක් තිබේද?

(1)
විශ්‍රාම වැටුපක් ලබන නමුත් වෙනත් යම් ආයතනයක සේවය කරන අය.
(2)
පාසැල් වේලාවෙන් පසු සවස් කාලයේ සේවයේ යොදවා ගනු ලබන වයස අවුරeදු 14 ට වැඩි පාසැල් සිසුන්.
(3)
වෙනත් ආයතනයක සේවය කරන අතරතුර තවත් ආයතනයකද සේවය කරන අය.
(4)
එකතැන නොසිට චාරිකාවේ යෙදෙමින් සේවයේ යෙදෙන අය.
(5)
කොන්ත්‍රාත් පදනමට සේවය කරන අය.
(6)
ප්‍රතිලාභ වරක් ලබාගැනීමෙන් පසු නැවත රැකියාවේ යෙදෙන අය.
(7)
විදේශයෙන් පැමිණ මෙරට රැකියාව කරන අය.
(8)
අනියම් / කෑලි පදනම මත සහ ආධුනිකත්ව වශයෙන් සේවයේ යෙදෙන අය.

ඔවි. සේවායෝජකයින් ඉහත දැක්වෙන ආකාරයේ සේවකයින් වෙනුවෙන් සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට දායක මුදල් ගෙවීමට ලියාපදිංචි වන්නේ කෙසේද?

විශේෂ ලියාපදිංචිවීමේ ක්‍රියාවලියක් නොමැත.  සේවායෝජකයින් පළමු වරට දායක මුදල් ගෙවීමේදී ස්වයංක්‍රීයවම ලියාපදිංචිවීම සිදුවන අතර සේවක අර්ථසාධක අරමුදල් අංකය ඉදිරිපත් කල යුතුය.  සේවක අර්ථසාධක අරමුදල් අංකයක් නොමැති අවස්ථාවක දුර:011-2503911 අමතා හෝ මූල්‍ය කලමණාකරe(දායක මුදල් රැස්කිරීම්), 10 වන මහල, කම්කරeමහලේකම් කාර්යාලය, කොළඹ 05 සම්බන්ධ කරගෙන අවශ්‍ය උපදෙස් සහ අදාල අංක ලබාගත හැක.



සේවකයින් වෙනුවෙන් සේවායෝජකයින් විසින් ගෙවනු ලබන දායක මුදල ඔවුන්ගේ වැටුපෙන් අඩුකල හැකිද?

නොහැක.

 

ගෙවිය යුතු දායක මුදල් ප්‍රමාණය ගණනය කරන්නේ කෙසේද?

සේවක අර්ථසාධක අරමුදලේ මෙන් සේවකයාගේ වැටුපෙන් අඩුකල නොහැක. මු ඉපැයීම් ප්‍රමාණයෙන් 3% ක ප්‍රමාණයක් සේවායෝජකයා විසින් ගෙවිය යුතුය. පහත සඳහන් ඉපැයීම් සඳහාද දායක මුදල් ගණන් බැලිය යුතුය.

(1)
පඩි, වැටුප් හෝ ගාස්තු.
(2)
ජීවන වියදම් දීමනාව විශේෂ ජීවනාධාර දීමනාව සහ වෙනත් සමාන දීමනා
(3)
නිවාඩුදිනසම්බන්ධයෙන්කරනුලබනගෙවීම්
(4)
සේවායෝජක විසින් සේවකයන්ට දෙනු ලබන පිසූ හෝ නොපිසූ ආහාරවල මුදල් වටිනාකම (අවසාන වශයෙන් එම වටිනාකම තීරණය කරනු ලබන්නේ කම්කරe කොමසාරිස් ජනරාල් විසිනි).
(5)
ආහාරදීමනාව
(6)
නියමකරනුලබනවෙනත්අන්දමේපාරිශ්‍රමිකදීමනා
(7)
වට්ටම් පදනමට, කොමිස් කෑලිපදනමට ගෙවනු ලබන ගෙවීම් සහ කොන්ත්‍රාත්පදනමට ගෙවනු ලබන දීමනා

 

දායක මුදල් ගෙවීම් සිදුකරන්නේ කෙසේද සහ ඉදිරිපත් කල යුතු ලිපිලේඛන කවරේද?

සේවායෝජකයින් කණ්ඩායම් 02 කට බෙදා වෙන්කර ඇත.
(a)
විශාල කණ්ඩායම     –    සේවකයින් 15හෝඊටවැඩි
(b)
කුඩා කණ්ඩායම      –    සේවකයින් 15ටඅඩු
විශාල කණ්ඩායම (නිසි පරිදි සම්පූර්ණ කල ආර්1ප්‍රේෂණය / කුඩා කණ්ඩායම (නිසි පරිදි සම්පූර්ණ කල ආර්4ප්‍රේෂණය) සමඟ චෙක්පතකින්, මුදල් ඇණවුමකින් හෝ මුදලින් දායක මුදල් ගෙවීම සිදුකල හැක. ආර්1 හෝ ආර්4 ප්‍රේෂණය නොමැතිව අදාල ගෙවීම් සිදුකල නොහැක.

දායක මුදල් ගෙවීමේ ක්‍රම මොනවාද?

සාමාන්‍ය ක්‍රමය–     චෙක්පත් මගින්/මුදල් මගින්/මුදල් ඇණවුම් මගින්
විද්‍යුත් ක්‍රමය–      අන්තර්ජාලය ඔස්සේ

දායක මුදල් ගෙවිය හැකි අවසාන දිනය කවදාද?

සේවායෝජකයා විසින් ඊලඟ මාසයේ අවසන් වැඩකරන දින හෝ ඊට පෙර අනිවාර්යයෙන්ම මාසික දායක මුදල ගෙවිය යුතුය.

ප්‍රමාදවීගෙවනු ලබන දායක මුදල සඳහා අධිභාරයක් පනවනවාද?

ඔව්. 5% සිට 50% දක්වා පහත දැක්වෙන ආකාරයට අධිභාර ගෙවීමට සිදුවේ.
ප්‍රමාදය දින 10 නොඉක්මවූ විට  05%
ප්‍රමාදය දින 11 ත් මාස 01 ත් අතර වන විට15%
ප්‍රමාදය මාස 01 ත් මාස 03 ත් අතර වන විට20%
ප්‍රමාදය මාස 03 ත් මාස 06 ත් අතර වන විට30%
ප්‍රමාදය මාස 01 ත් මාස 06 ත් මාස 12 අතර වන විට40%
ප්‍රමාදය මාස 12 ඉක්මවූ විට

ආර්1 ප්‍රේෂණ මගින් දායක මුදල් ගෙවනු ලබන සේවායෝජකයින් සේවකයන්ගේ විස්තර ලබාදෙන්නේ කෙසේද?

ආර්1 ප්‍රේෂණ (විශාල කාණ්ඩය) පුරවා දායක මුදල් ගෙවනු ලබන සෑම සේවායෝජකයෙක් විසින්ම තම සේවකයින්ගේ මාසික දායක මුදල් ඇතුලත් වන ලෙස නිවැරදිව පුරවන ලද අර්ධ වාර්ෂික වාර්තා පහත දැක්වෙන කාල සීමාවන් තුලදී එවනු ලැබිය යුතුයි
වසරේ පළමු අර්ධ වාර්ෂික වාර්තාව (ජනවාරි සිට ජූනි)
                       එම වසරේ අගෝස්තු 31 දිනට පෙර
වසරේ දෙවන අර්ධ වාර්ෂික වාර්තාව (ජූලි සිට දෙසැම්බර්)
              එළඹෙන වසරේ පෙබරවාරි මස අවසාන දිනට පෙර
ප්‍රමාද වී සහ වැරදි සහගතව ලැබෙන අර්ධ වාර්ෂික වාර්තාවලට, සෑම මාසයක් සඳහාම නියමිත දිනයෙහි සිට ගතවූ කාලය වෙනුවෙන් වාර්තාවෙහි සඳහන් මු දායක මුදලේ වටිනාකමින් 1% ක ප්‍රමාණයක් අධිභාර වශයෙන් ගණනය කරනු ලැබේ.

 

දායක මුදල් ගෙවීම් චෙක්පත් මගින් සිදුකරන අවස්ථාවේදී චෙක්පත රේඛනය කරන්නේ කෙසේද සහ යොමුකල යුතු ස්ථානය කුමක්ද?

සියලු චෙක්පත් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල නමට ලියා රේඛනය කර මූල්‍ය කලමණාකරe (දායක මුදල් රැස්කිරීම්) 10 වන මහල, කම්කරe මහලේකම් කාර්යාලය, කොළඹ 05 යන ලිපිනයට පැමිණ හෝ තැපැල් මගින් යොමුකල හැක.

අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කරනු ලබන සේවායෝජකයින්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

(1)නිවාඩු දිනකදී හෝ රාත්‍රි කාලයේදී ගෙවීම් සිදු කල හැක.
(2)කිසිදු ලියවිල්ලක් සම්බන්ධ නොවේ.
(3)විශාල කාණ්ඩයට අයත් (ආර්1 ප්‍රේෂණ මගින් ගෙවීම් කරන) සේවායෝජකයින්ට මාසිකව සේවක විස්තර අදාල බැංකු ගිණුමට අන්තර්ජාලය ඔස්සේ upload කල හැක.  අර්ධ වාර්ෂික වාර්තා යනාදිය පුරවා එවීමට අවශ්‍ය නොවේ

අත් සේවකයෙකු වෙනුවෙන් සේවායෝජකයා ගෙවීම් සිදුකල යුත්තේ කවදාද?

එම සේවකයා තම ආයතනයේ සේවයට බැඳුනු සැනින් සේවය කරන බවට ස්ථිර නම් පලමු වේතනය ගෙවූ අවස්ථාවේදීම අරමුදල වශයෙන් ගෙවීම සිදුකල යුතුයි