වර්ෂය අවසානයේදී වාර්ෂික පොළිය සහ ලාභාංශ එක් එක් පෞද්ගලික සාමාජිකයාගේ ගිණුමට බැරකරනු ලැබේ. වාර්ෂික පොළිය, සාමාජිකයාගේ ගිණුම් ශේෂය ආදිය පිළිබඳ විස්තර ඇතුළත් සාමාජික ගිණුම් වාර්තාවක් සෑම වර්ෂයකම සැප්තැම්බර් 30 දිනට පෙර සාමාජිකයා වෙත නිකුත් කරනු ලැබේ.
යම් සාමාජිකයකු විසින් මාස 3ක් එක දිගටම හෝ යම් වර්ෂයක මාස 5ක් වරින්වර නියමිත පරිදි දායක මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් අදාළ වර්ෂය වෙනුවෙන් පොළිය හා ලාභාංශ ලැබීමට ඔහුට හෝ ඇයට ඇති හිමිකම අහිමි වේ.
ප්‍රධාන කාර්යාලයේ ස්වයං රැකියා අංශය වෙත අදාල ආකෘති පත්‍රය ඉදිරිපත් කිරීමෙන්ද ප්‍රාදේශීය කාර්යාලවලට හෝ දිස්ත්‍රික් කාර්යාලවලට නැතහෝත් ක්‍ෂේත්‍ර නිළධාරීන් මගින් එම ආකෘතිපත්‍ර භාරදීමෙන් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය. ප්‍රතිලා ගෙවීම ප්‍රතිලාභ පරිපාලන අංශය මගින් නියමකර ඇති කොන්දේසි යටතේ සිදුකරනු ලැබේ.
ස්වයංක්‍රීයව හිමිවන ජීවිත රක්‍ෂණ ආවරණය (රු. 100,000.00ක උපරිමයකට යටත්ව) සදාකාලික සහ පූර්ණ වශයෙන් ආබාධිතවීම (රු. 200,000.00ක උපරිමයකට යටත්ව) හදවත් සැත්කම සඳහා මූල්‍යාධාර (රු. 300,000.00) වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මය සඳහා මූල්‍යාධාර (රු. 300,000.00) අක්‍ෂිකාච බද්ධකිරීම සඳහා වියදම් ප්‍රතිපූරණය කිරිම (එක් ඇසක කාච බද්ධ කිරීම සඳහා රු. 15,000.00) රු. 15,000.00 බැගින් ශිෂ්‍යත්ව 9000ක් පිරිනැමීම – කුසලතා දක්වා වසර පහ ශිෂ්‍යත්ව විභාගය සමත් වන ළමයින්ට ශිෂ්‍යත්ව එක බැගින් පිරිනමනු ලැබේ. වාර්ෂිකව රු. 25,000.00ක උපරිමයකට යටත්ව රෝහල්ගතවීමේ වෛද්‍ය රක්‍ෂණ ක්‍රමයේ සාමාජිකත්වය දරණ කාලය තුළ ඒ සඳහා ලබාගත හැකි උපරිම මුදල රු. 50,000.00කි. නිවාස ණය ක්‍රමය යන ප්‍රතිලාභ දැනට බලපවත්වන ප්‍රතිලාභ වේ.