අ. පො. ස. උසස් පෙළ ප්‍රතිලාභ

ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය සාර්ථක කරනු වස් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනි සිටි මණ්ඩලයේ සක්‍රිය සාමාජිකයන්ගේ දූදරුවන් වෙනුවෙන් ප්‍රතිලාභ ක්‍රම දෙකක් හදුන්වා දී ඇත. උසස්පෙළ විභාගයෙන් සමත්ව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යාම සදහා සුදුසුකම් ලබා එම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීමෙන් පසු "විශ්ව යාත්‍රා" ප්‍රතිලාභ වැඩසටහන යටතේ රු.25,000 ක මූල්‍යාධාරක් ලබා ගත හැකි අතර අනෙක් සියළුම දූ දරුවන් සදහා "නිපුණතා සවිය" ප්‍රතිලාභ වැඩසටහන යටතේ රු. 50,000ක උපරිමයකට යටත්ව වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අවස්තාව ඇත.