සේ.නි.භා. අරමුදල් මණ්ඩලීය සාමාජීක සාමාජිකාවන්ගේ අ.පො.ස උසස් පෙළ සමත් දූ දරුවන් සඳහා ප්‍රදානය කරනු ලැබූ මූල්‍යාධාර වැඩපිළිවෙල 2023 වසරේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
මණ්ඩලීය සක්‍රීය සාමාජීක සාමාජිකාවන්ගේ 2025 අධ්‍යන වර්ෂය වෙනුවෙන් 2025 දෙසැම්බර් මස පැවති අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන් හට ජාතික වෘත්තීය පුහුණු නිපුණතා (NVQ) 3,4,5 මට්ටමේ පිළිගැනීම සහිත, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි වෘත්තීය පුහුණූ ආයතන මගින් මෙහෙයවන පාඨමාලාවක් හැදෑරීම සඳහා රු.50,000.00 ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම මෙම නව ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සිදුවේ.
පාඨමාලාව සාර්ථකව අවසන් කළ බවට අදාළ සහතිකපත්/ලියකියවිලි අප වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පහත ක්‍රම යටතේ පාඨමාලා ගාස්තු ගෙවීම් සිදු කරනු ලැබේ. පාඨමාලා ලියාපදිංචි ගාස්තුව ඔබ විසින් ගෙවීම් කළ යුතු අතර එම මුදල් ප්‍රතිපූර්ණය කරනු නොලැබේ.
1.පාඨමාලා ගාස්තු සෘජුව වෘත්තීය පුහුණු ආයතනයට ගෙවීම
අප මණ්ඩලය විසින් ඔබගේ අයදුම්පත සුදුසුකම් ලද අයදුම්පතක් ලෙස තහවුරු කිරීමෙන් පසු මෙහි සඳහන් කර ඇති පිළිගත් වෘත්තීය පාඨමාලාවක් තෝරාගෙන (NVQ) එම පාඨමාලාව හැදෑරීමට අපේක්ෂිත අනුමත ආයතනයක ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව අප මණ්ඩලය විසින් අදාළ ආයතනය වෙත පාඨමාලා ගාස්තු ගෙවීමට අදාළව පොරොන්දු ලිපියක් (Guarantee Letter) නිකුත් කරනු ලැබේ. සාර්ථකව පාඨමාලාව අවසන් කිරීමෙන් පසු රු.50,000/- ක උපරිම සීමාවකට යටත්ව පාඨමාලා ගාස්තුව අප මණ්ඩලය විසින් අදාළ වෘත්තීය පුහුණු ආයතනයට ගෙවනු ලැබේ.
2.පාඨමාලා ගාස්තු ශිෂ්‍ය/ශිෂ්‍යයාවන්ට ප්‍රතිපූර්ණය කීරීම
පාඨමාලා ගාස්තුව අදාළ ශිෂ්‍ය/ශිෂ්‍යයාව විසින් පුහුණු ආයතනයට ගෙවීම් කර පාඨමාලාව ආරම්භ කර ඇත්නම්,පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු, ගෙවීම් තහවුරු ලේඛන ඉදිරිපත් කිරීම මඟින් එම මුදල් ප්‍රතිපූර්ණය කරනු ලැබේ. ඒ සඳහා අයදුම්පත ඉදිරිපත් කිරීමේදී ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ බැංකු ගිණුම් තොරතුරු අප වෙත ලබා දිය යුතුය. 2025 උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල ලැබීමට ප්‍රථම අපගේ අනුමත පාඨමාලාවක් සිදුකර ඇත්නම් එම ශිෂ්‍ය/ශිෂ්‍යයාවන්ට ද මේ සදහා අයදුම් කල හැකිය.
මාර්ගගත අයදුම්පත ප්‍රධාන කොටස් 03 කින් සමන්විත වේ.
පළමු කොටස : ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ තොරතුරු
දෙවන කොටස : මව/පියා/භාරකරුගේ පෞද්ගලික තොරතුරු සහ සේවා නියුක්තීන් පිළිබඳ තොරතුරු
තෙවන කොටස : මව/පියා/භාරකරුගේ වර්තමාන සේවායෝජකගේ විස්තර හා ලිපිලේඛන උඩුගත කිරීම
ප්‍රතිලාභ අයදුම් කිරීම
මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමට ප්‍රථම , වර්තමාන සේවායෝජක විසින් සම්පුර්ණ කළ යුතු (EMP Form) අයදුම්පත භාගත (Download) කරගත යුතුය.
එලෙස භාගත කළ සේවායෝජකගේ අයදුම්පත්‍රය (EMP Form)මව,පියා / භාරකරුගේ වර්තමාන සේවායෝජක මගින් සම්පූර්ණ කර ගැනීම අනිවාර්ය වේ .
මෙම ප්‍රතිලාභ ලබාගැනීම සදහා අවශ්‍ය කරන සෙසු ලියකියවිලි
3.ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ උප්පැන්න සහතිකයේ පැහැදිළි ඡායා පිටපතක්
4.ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ විභාග අංකය සදහන් කිරිම අත්‍යවශ වේ.
5.සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිළි ඡායා පිටපතක් .
6.අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ ( මව/පියා විසින් නොවන අවස්ථාවක ) භාරකරු නම් නීත්‍යානුකූල භාරකාරත්වය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
7.අංක 2 සිට 6 දක්වා ලියවිලි වර්තමාන සේවායෝජකයා මගින් හෝ ග්‍රාම නිලධාරී මගින් හෝ නීතිඥවරයෙකු මගින් හෝ සාමාදාන විනිශ්චයකාරවරයෙකු මගින් සහතික කර තිබිය යුතු අතර අයදුම්පත සමඟ එකී ලියකියවිලි වල පිටපත් ද (Upload)කළ යුතුය.
8.ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ උප්පැන්න සහතිකයේ සඳහන් වන මව/පියා/භාරකරුගේ නම හා සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් නම අතර වෙනසක් පවතී නම් එම නම් සියල්ලෙන්ම හැඳින්වෙන්නේ එක් අයෙකු බවට සේවායෝජක විසින් සහතික කරන ලද ලිපියක්.
ඉහත ලියකියවිලි පරිලෝකනය කර (Scan)PDF ගොනුවක් සාදා ගත යුතුය.
අයදුම්කරුවන් විසින් යොමු කරන ලද අයදුම්පතේ සඳහන් තොරතුරු හා දායක මුදල් ගෙවීම් විස්තර අපගේ වාර්තා සමඟ පරීක්ෂා කොට මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේද යන්න විද්‍යුත් ලිපියක් (E–mail) හෝ කෙටි පණිවිඩයක් (SMS) හරහා ඔබට දන්වා එවනු ලැබේ.