Search
Search
Search

"විශ්ව යාත්‍රා " මූල්‍යාධාර වැඩසහන

ඔබේ දරුවාගේ විශ්වවිද්‍යාල ගමනට මූල්‍ය සවියක්."

  • 2024 (2025) අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල වරම් සදහා සුදුසුකම් ලැබූ අප මණ්ඩලීය සක්‍රීය සාමාජිකයින්ගේ දූ දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්! 

“නිපුණතා සවිය” ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දිගුවක් ලෙස 2022 වර්ෂයේදී හදුන්වාදෙන විශ්ව යාත්‍රා මූල්‍යාධාර වැඩසටහන යටතේ, විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලබා එම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වූ මණ්ඩලීය සක්‍රීය සාමාජිකයින්ගේ දූ  දරුවන්ට රු.25,000 ක මූල්‍යාධාරයක් ලබා දීමේ පහසුකම් සපයා ඇත.

  • 2024(2025) අධ්‍යන වර්ෂය සදහා අයදුම්පත් 

උපදෙස්

උපදෙස්

Download

සේවායෝජක විසින් සම්පූර්ණ කලයුතු අයදුම්පත්‍රය

සේවායෝජක විසින් සම්පූර්ණ කලයුතු අයදුම්පත්‍රය

Download

මාර්ගගත අයදුම්පත්‍රය

මාර්ගගත අයදුම්පත්‍රය

Click Here

මූලික සුදුසුකම්:

    1. ⛛  2024 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලයකට තේරිපත් වී එම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වූ ශිෂ්‍ය/ශිෂ්‍යායාවක් විය යුතුයි.

    2. ⛛  පාසල් අයදුම්කරුවන් හට මෙන්ම බාහිර අයදුම්කරුවන් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටි වයස අවුරුදු 23 ට නොවැඩි දරුවන් හට ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකිය.

    3. ⛛  ශිෂ්‍ය/ශිෂ්‍යායාවක් උසස් පෙළ විභාගයට පෙනී සිටින අවස්ථාව වනවිට (2024 ජනවාරි) මව/පියා/භාරකරු මෙම අරමුදලේ සක්‍රීය සාමාජිකයකු විය යුතුය. ඒ අනුව 2024 වර්ෂයට අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා 2024 ජනවාරි මස සිට 2024 දෙසැම්බර් මස දක්වා සාමාජිකයා වෙනුවෙන් අඛණ්ඩව දායක මුදල් ගෙවා තිබිය යුතුය.

    4. ⛛  ස්වයං රැකියා යටතේ ලියාපදිංචි වී ඇති සක්‍රීය සාමාජිකයන්ගේ දූ දරුවන් සඳහා මෙම ප්‍රතිලාභය ගෙවීමේ දී, විභාගයට පෙනී සිටින මාසයට පෙර, ආසන්න මාස 36 ක කාලයක් අඛණ්ඩව දායක මුදල් ගෙවා තිබිය යුතුය. (2022 ජනවාරි සිට 2024 දෙසැම්බර් දක්වා)

    5. ⛛ දෙමාපියන් දෙදෙනාම සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය දරන්නේ නම් එක් අයෙකු විසින් පමණක් ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය.

    6. ⛛ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමේ මූල්‍යාධාර ලබාගෙන ඇත්නම් මෙම මූල්‍යාධාර ප්‍රදානය හිමි නොවේ.

⛛ අයදුම් කිරීමේ පිළිවෙළ:

මෙම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සදහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වන්නේ මාර්ගගත ක්‍රමයට පමණි. මණ්ඩලීය නිල වෙබ් අඩවිය වන www.etfb.lk වෙබ්අඩවියේ විශ්ව යාත්‍රා වෙබ් පිටුවට පිවිසීමෙන් මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කරගත හැකිය.

මාර්ගගත අයදුම්පත ප්‍රධාන කොටස් 02කි.

  • 01. පළමු කොටස : ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ තොරතුරු
  • 02. දෙවන කොටස : මව/පියා/භාරකරුගේ පෞද්ගලික තොරතුරු සේවා නියුක්තීන් පිළිබඳ තොරතුරු / ලිපිලේඛන උඩුගත කිරීම

⛛ මාර්ගගත අයදුම්පත සදහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ :

01. වර්තමාන සේවායෝජක විසින් සම්පූර්ණ කර සහතික කරන ලද අයදුම්පත.

02. ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිළි ඡායා පිටපතක්

03.ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ උප්පැන්න සහතිකයේ පැහැදිළි ඡායා පිටපතක්

04. ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ ප්‍රතිඵල ලේඛනයේ පැහැදිළි ඡායා පිටපතක් (විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින් භාගත (Download) කර ගත යුතුය)

05. සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිළි ඡායා පිටපතක්

06. ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ නම, ගිණුම් අංකය හා ශාඛාව පැහැදිලිව සටහන්ව ඇති බැංකු ගිණුම් පිටපතක්

07. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුල ලියාපදිංචි අංකය ඇතුලත් ලිපිය.(UGC)

08. විශ්වවිද්‍යාලය තුල ලියාපදිංචි වු දිනය සහ ලියාපදිංචි අංකය ඇතුලත් ලිපිය. (ලියාපදිංචි අංකය නොමැතිව අයදුම්පත සම්පුර්ණ නොකරන්නා.)

 (අංක 2 සිට 5 දක්වා  ලියවිලි වර්තමාන සේවායෝජකයා මගින් හෝ ග්‍රාම නිලධාරී මගින් හෝ නීතිඥවරයෙකු මගින් හෝ සාමාදාන විනිශ්චයකාරවරයෙකු මගින් සහතික කර තිබිය යුතුය.)

09. අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ ( මව/පියා විසින් නොවන අවස්ථාවක ) භාරකරු නම් නීත්‍යානුකූල භාරකාරත්වය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

10. ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ උප්පැන්න සහතිකයේ සඳහන් වන මව/පියා/භාරකරුගේ නම හා සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් නම අතර වෙනසක් පවතී නම් එම නම් සියල්ලෙන්ම හැඳින්වෙන්නේ එක් අයෙකු බවට සේවායෝජක විසින් සහතික කරන ලද ලිපියක්.

11. සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් නම හා ආකෘති II වාර්තා වල සඳහන් නම අතර වෙනසක් පවතී නම් එම නම් සියල්ලෙන්ම හැඳින්වෙන්නේ එක් අයෙකු බවට සේවායෝජක විසින් සහතික කරන ලද ලිපියක්

ප්‍රතිලාභ අයදුම්කළ යුතු පියවර:

01. වර්තමාන සේවායෝජක විසින් සම්පුර්ණ කළ යුතු (EMP Form) අයදුම්පත භාගත (Download) කරගත යුතුය.

02. එලෙස භාගත කළ සේවායෝජකගේ අයදුම්පත්‍රය (EMP Form) මව,පියා / භාරකරුගේ වර්තමාන සේවායෝජක මගින් සම්පූර්ණ කර ගැනීම අනිවාර්ය වේ .

03. මෙම ප්‍රතිලාභ ලබාගැනීම සදහා අවශ්‍ය කරන සෙසු ලියකියවිලි සමග සේවා යෝජක විසින් සම්පූර්ණ කළ අයදුම්පත්‍රය පරිලෝකනය කර (Scan) PDF  ගොනුවක් සාදා ගත යුතුය.

04. එම PDF ගොනුව දරුවාගේ ජාතික හැදුනුම්පත් අංකයට නම් කල යුතුය.(Rename)

05. මාර්ගගත අයදුම්පතට පිවිසීම සදහා etfb.lk වෙබ් අඩවියට පිවිස විශ්ව යාත්‍රා මූල්‍යාධාර ක්‍රමය Click කරන්න. කොටස් 2 කින් සමන්විත ප්‍රතිලාභ අයදුම්පත සම්පූර්ණ කර අවසානයේදී ඔබ විසින් සදාගත් PDF ගොනුව උඩුගත කරන්න.(Upload)

⛛වැඩි විස්තර සඳහා

දුරකථන අංකය : 0117747200

(ශිෂ්‍යත්ව අංශය) 0117747281 / 0117747282
Whatsapp – 071-7408155

ඊමේල් : nipunathasaviya@etfb.lk